theleaderlk 01

විරෝධතාකරුවන් සියලුදෙනා වහාම ගෝල්ෆේස් භූමියෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් සතු සියලුම බලය යොදන බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


මාස තුනකට අධික කාලයක් ගෝල්ෆේස් විරෝධතාවය පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු භුමියකි.

දැනට අරගල භූමිය ලෙස පවත්වාගෙන යන ස්ථානය උද්ඝෝෂණ පැවැත්වීමට කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන බව ද නාගරික සංවර්ධන අමාත්‍යවරයා පවසයි.

පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් මගින් එය තහවුරු වී  ඇති බව කී ඇමතිවරයා, වහාම ක්‍රියාත්මකවන පරිදි ඒ ස්ථානය ඉවත් කර ඒ සඳහා විකල්ප සුදුසු ස්ථානයක් ලෙස විහාරමහාදේවී උද්‍යානයෙන් ලබා දීමට කටයුතු කරන බව ද කීය.

අරගලයේ දැන් පොදු ජනතාව නැති කුඩු කාරයන් පිරිසකගේ කොල්ලයක් බවත්, හැකි සියලුම මර්ධනයන් සහිතව එය පාලනය කළ යුතු බවත් ප්‍රසන්න රණතුංග  පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

“වැදගත් මිනිස්සු අද ඉන්නේ අරගලයෙන් ඈත් වෙලා. ඉන්නෙ කුඩු කාරයො විතරයි. සාමකාමී අරගල කළ පිරිස් නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඒ කටයුතු කරගෙන යන්න දීලා ඉවත් වෙලා.“


“ජනාධිපතිවරයාගේ මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධානීන් දෙන්නම මේ අරගලයේ ප්‍රධානම පාර්ශව නියෝජනය කළ අය. ඒ අයගෙ අරගලය අවසන් කළා කියලා අද මූණු පොතේ දාලා තිබුණා.“


''මේ වගකීම් විරහිත පුද්ගලයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත් කර නිති විරෝධි විනාශ කාරී ක්‍රියාවන් පාලනය කළ යුතුයි. මේ රටේ මෙම තත්ත්වය පාලනය කළ යුතුයි. නැතිනම් ඔබටත් මටත් මේ රටේ ජීවත් වෙන්න බෑ.''  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විපක්ෂය දෙස බලා පැවසුවේය.


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්