උතුරු හා නැගෙනහිර දෙපළාතට ස්වයං පාලනයක් ලබා දීම පිළිබදව ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා සතුව අදහසක් පවතින බව රනිල් වික්‍රමසිංහ

රාජ්‍ය නායකයා කිරීමට පාර්ලිමේන්තුවේ ඡන්දය පාව්ච්චි කළ දෙමළ දේශපාලන පක්ෂයක් විශ්වාස කරයි.

යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් වැඩි දුරටත් සදහන් කළේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ නොමැති බවයි.

අරගලකරුවන්ට මුහුණ දීමට නොහැකිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලායෑම නිසා හිස්වු විධායක ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීමේදී කිසිදු කොන්දේසි ඉදිරිපත් කිරීමකින් තොරව TNA මන්ත්‍රී කණ්ඩායම ඩලස් දහම් අලහප්පෙරුමට සහාය දීමට තීරණය කළ නමුත් එවකට වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා දීමට දෙමළ ජනතා ජාතික සන්ධානය (TMTK) තිරණය කළේය.

 

තමන් බලාපොරොත්තු වන ආකාරයේ ෆෙඩරල් පාලනයක් ලැබේදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් උතුරු නැගෙනහිර දෙපළාතට ස්වයං පාලනයක් ලබා දීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ 'කල්පනා කරමින්' සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පවසන්නේ.

 

ඉන්දියාවේ පොන්ඩිචේරි සහ ගෝව ප්‍රදේශයන්හි මේ වන විටත් ක්‍රියාත්මක වන ආකාරයේ පාලන ක්‍රම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අධ්‍යයනය කරමින් සිටින බවයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායකයා වැඩි දුරටත් පවසන්නේ.

ගෝව ඉන්දීය ප්‍රාන්තයක් (State) වන අතර පොන්ඩිචේරියේ ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට යටත් (Union Territory) පාලනයකි. ඒ ප්‍රදේශ දෙක සතු විමධ්‍යගත බලතල සමාන නැත.

දෙයාකාර වු එම පාලන ක්‍රම ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි හිටපු විනිසුරුවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේ නැත.

උතුරු හා නැගෙනහිර දෙපළාතට විශේෂ ආර්ථික වැඩ පිළිවෙලක් දියත් කිරීමේ අදහසකින් ජනාධිපතිවරයා පසුවන බව සදහන් කරන මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතන විසින් අත්පත්කරගෙන සිටින දෙමළ ජනතාව සතු ඉඩම් ආපසු ලබා දීමටත් ජනාධිපතිවරයා එකග බවයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්