1200 x 80 DMirror

හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය වැඩි ඡන්ද 57කින් පාර්ලිමේන්තුව තුළ දී අද (27) සම්මත වූයේය.



ඡන්දය ප්‍රකාශයට පත්කර පැයක් යන්නට පෙර පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී නැති ස්වාධීන අදහස් දරණ මහජන නියෝජිතයන් ආණ්ඩුවේ 'වට්ස් ඇප් කණ්ඩායමකින් (Govt. New Group) ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කටයුතුකර තිබිණ.

එසේ ආණ්ඩුපක්ෂ සමාජමාධ්‍ය කණඩායම් වලින් නෙරපා හැර ඇත්තේ, හදිසි නීතියට එරෙහිව ඡන්දය ලබාදුන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ය.

fhtyty

හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශකිරිමෙන් අනතුරුව, මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ සඳහන් කළේය.

'' ලංකාව තුල පහුගිය කාලයේ ගොඩනැගුන ජනතා විරෝධයන් සංවිධානාත්මක ත්‍රස්තවාදී කල්ලියක් විසින් මෙහෙයවපු දෙයක් නොවේ. එය රටේ තිබුන ආර්ථික දුෂ්කරතා හා සාමාන්‍ය ජනජීවිතයට ඇතිවී තිබූ බාධා නිසා සාමාන්‍ය ජනතාව අතර ඇතිවී තුබූ මහා විරෝධය යම් ප්‍රචන්ඩකාරීන් විසින් අවභාවිතා කිරීම නිසා ඇති වූ තත්වයක්..

 මම පුද්ගලිකව ඒ භීෂණයෙන් බැට කාපු කෙනෙක්. මගේ නිවසත් කලහකාරීන් ගිනි තැබුවා. නමුත් මම විශ්වාස කරනවා රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් ආරක්ෂක අංශ තමුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කලානම් මේ බොහෝ දෙවල් ප්‍රචන්ඩත්වයට නොගොස් වලක්වා ගන්නට තිබුනා.

 කවුරුන් හෝ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැත්නම් ඒකට විසඳුම රටේ සියලු නීති අභිබවා යන නව නීති රෙගුලාසි සකස් කිරීමේ බලය රජයට ලබාදීම නොවෙයි. හදිසි නීතිය හරහා සිදුවන්නේ එයයි.

පසුගිය යහපාලන රාජ්‍ය සමයේ සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් විශාල ලෙස දේශපාලන ප්‍රතිවාදින් මර්ධනය කිරිමේ ඉතිහාසයක් තිබෙනා පාලකයන්ගේ අතට මේ හදිසි නීතිය වැනි අවියක් ලබාදීම ඉතාමත්ම අනතුරුදායකයි. ඒ නිසායි මම හදිසි නීතියට විරුද්ධව ඡන්දය දෙන්නේ.

 මගේ තීන්දුව නිවැරදිද කියනා දෙය ඉතිහාසය තීන්දු කරාවී. මම ප්‍රචන්ඩත්වයට විරුද්ධයි, ව්‍යවස්ථාව ඉරාදමා අපට ඕනේ විදියටතමයි මින් පසු රට පාලනය කල යුත්තේ කියනා අයට අපි විරුද්ධයි. ඔවුන්ට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.

නමුත් ප්‍රචන්ඩකාරීන් පාලනය කිරීමෙ අවශ්‍යතාවට මුවාවී සියලු ආකාරයේ විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩ දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනා පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විදියට මම මගේ වගකීම පැහැර හැරියා වෙනවා.

මම මෙ අවස්තාවේ මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැයි 9 දා සිදුවීමෙන් පසු හදිසි නීතිය පැනවූ විට එවකට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වූ වත්මන් ජනාධිපතිවරයා ට්විටර් පනිවිඩයක් යවමින් එයට විරෝදය පල කලා. ඔහු එදා කී දේ අද ඔහු ජනධිපති වු විට වෙනස් වෙන්නේ කොහොමද.

ඒ නිසා මම හදිසිනීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලා "

cxbfgf

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය