ජනතාව මර්දනය කිරීම සඳහා අත ඔසවන මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර

සිටියි.

හදිසි නීති රෙගුලාසි වල මර්දනකාරීත්වය සම්බන්ධයෙන් ඊයේ (27) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව සඳහන් කළේය.

'' මර්දනය වෙනුවෙන් අත උස්සලා, ජනතාවගේ ඔලු පලන්න, මාස ගණන් ඇප නොදී සිරගත කරන්න, අවුරුදු ගණන් හිරේ දාන්න, වෙඩි තබන්න බලය දෙන නීතිවලට ඡන්දය දුන්නොත් අන්න ඒ මන්ත්‍රීවරු දේශපාලනයෙන් අතු ගා දමන්න මේ රටේ ජනතාව සමග අපි දේශපාලන කටයුතු කරනවා.'' යයි ඔහු එහිදී කියා සිටියේය.

ඊයේ (27) හදිසි නිතිය සම්මතකර ගැනීමට පෙර පැවති එම මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.


''යුද්දේ කාලයේවත් නොතිබුණු බරපතළ මර්දනකාරී නීති''



"පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත හදිසි නීති රෙගුලාසි මේ රටේ යුද්ධය පැවති කාලයේවත් නොතිබුණු බරපතළ මර්දනකාරී නීති බවට පත්වෙනවා. මේ වනවිට ජනතාව පීඩාවට පත් වෙලා සහන ඉල්ලා සිටින අවස්ථාවේ ආණ්ඩුව පිළිතුරු දන්නෙ මේ මර්දනකාරි නීතිවලින්. 71 අරගලයෙදි හෝ 88-89 කාලෙදි එහෙම නැත්නම් උතුරේ අරගලය කාලෙදිවත් යුද්දය අවස්ථාවෙවත් පනවනු ලැබුවෙ නැති බරපතළ නීති ගෙන එමින් තිබෙනවා.

 

නිදසුනක් ලෙස වැඩ වර්ජනය කිරීමේ අයිතිය උදුරාගන්න මෙම නීති සම්මත කිරීමේ උත්සාහය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කියන මාතෘකාවෙන් සේවයට පැමිණෙන අයට බාධා කරන්න හෝ සේවයේ යෙදීමෙන් වළකින ලෙස කට වචනයෙන් ලියවිල්ලක් මගින් හෝ පොළඹවන්න උත්සාහ කරන හෝ අනුබල දෙන අයකු වසර 3 සිරදඬුවම් නියම කිරීමට හෝ දේපළ රාජසන්තක කිරීමට ආණ්ඩුව මෙම රෙගුලාසි මගින් නීති ගෙන එනවා.

 

දැන් රනිල් වික්‍රමසිංහ බලයට එන්න කලින් ලෝකයේ විවිධ රටවලින් සංවිධානවලින් ආධාර දෙන්න කැමතියි කියලා ප්‍රචාර ගෙන ගියා. නමුත් දැන් කවුරුවත් ආධාර දෙන්න එන්නෙ නෑ කියලා පැහැදිලියි.

 බලයට ආව ගමන් කළ දේවල් බලය අවභාවිත කිරීම නිසා ආධාර දෙන්න තියා මේ රටේ මර්දනය සම්බන්ධ අප්‍රසාදය පළකරන තත්වයක් ඇති වුණා. මේ වනවිට ලෝකයේ සම්භාවනීය විද්වතුන් බුද්ධිමතුන් 158 දෙනකු අත්සන් කරමින් මෙම මර්දනයට විරෝධය පළකරලා ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා.

 

දැන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම වැනි ක්‍රම මගින් සල්ලි හොයන්න හදන්නෙ. රනිල් වික්‍රමසිංහගේ පළවෙනි කතාවෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ රාජ්‍ය ව්‍යවසායන් විකිණීමේ ඉලක්ක ගැන කිව්වා.

 

මේ රටේ වැරදි ආර්ථික පිළිවෙත් නිසා මේ තරම් විනාශයකට රට ඇද දමා තියෙද්දි නැවත ඒ පාරෙම ආර්ථිකය විනාශය කරා ගෙන යාමට උත්සාහයක් තිබෙනවා. ඊට ජනතාව, වැඩකරන ජනතාව විරෝධය දක්වන විට ඔවුන් මර්දනය කිරීමේ නීථි රෙගුලාසි මේ සම්මත කරමින් සිටින්නෙ.

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කියන්නෙ තමන්ගේ ආරක්ෂාව සඳහා ජීවිත හා දේපළ ආරක්ෂාවට නීති ගෙන එනවා කියලා. නමුත් වැඩ වර්ජනය කිරීම මර්දනය කිරීමෙ නීති ගෙන එන්නෙ මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාවටද?

හම්බන්තොට වරාය චීනයට පවරද්දි වරාය සේවකයො විරෝධය පළ කරමින් වෘත්තිය අරගලයක් කළා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරන එකට කම්කරුවන් වැඩ වර්ජනය කරලා අරගලයකින් තමයි එය පරාජය කළේ. විදුලි බල මණ්ඩලයේ පනත සංශෝධනය කරලා ඒ හරහා කරන්න ගිය අතිශය අවාසිදායක ගනුදෙනුවක් නවත්වන්න පුලුවන් වුණේ විදුලි ඉංජිනේරුන් ඇතුළු සේවකයන්ගෙ වැඩ වර්ජනයකින්.

ඒ නිසා ඒවා මර්දනය කරන්න තමයි මේ හදිසි නීති ගේන්නෙ. මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න කියලා මේ කරන්න හදන සෙල්ලම පැහැදිලියි.

 

ඒ වගේම මේ නව රෙගුලාසිවල ඇතුළුවීමේ අවසරය කියලා කොටසක් තිබෙනවා. මේකෙ තියෙන විධියට පොලිස්පතිවරයා හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් නම් කරන පුද්ගලයන් විසින් යම් තැනකට පුරවැසියන්ට ඇතුළු වෙන්න එපා කියලා කිව්වොත් පුරවැසියන්ට එහෙම ඇතුළුවීම කරන්න බෑ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සහතික කළ සංචරණ අයිතියට බාධා කරන්න හදන්නෙ.

 

මිනිස්සු උද්ඝෝෂණය කරන්නෙ විරෝධතා පවත්වන්නෙ මොකක්වත් අසනීපයක් නිසා නෙවෙයිනෙ. හේතුවක් ඇතිව තමන්ගෙ විරෝධය පළ කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය පාවිච්චි කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ සහතික කළ අයිතියක් තිබෙනවා. ජීවිතයට අවශ්‍ය අවම සේවාවක් ලබාගන්න නොහැකි තත්වයක් තියෙද්දි මිනිස්සු උද්ඝෝෂනය කරනවා. ඒක ඒ අයගේ අයිතියක්. මතයක් දරන එක සාමුහිකව විරෝධය දක්වන එක අයිතිවාසිකමක්.

මේ නිසා අද පාර්ලිමේන්තුවේදි මේ බරපතළ මර්දනයට අත් උස්සන මන්ත්‍රීවරුන් ඇත්තටම කරන්නෙ මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනයට ජනතාවගේ මූළික අයිතිවාසිකම් මර්දනයට නීථි පනවන්න කටයුතුකරන එක.

 

අපි කියනවා මර්දනය වෙනුවෙන් අත උස්සලා, ජනතාවගේ ඔලු පලන්න, මාස ගණන් ඇප නොදී සිරගත කරන්න, අවුරුදු ගණන් හිරේ දාන්න, වෙඩි තබන්න බලය දෙන නීතිවලට ඡන්දය දුන්නොත් අන්න ඒ මන්ත්‍රීවරු දේශපාලනයෙන් අතු ගා දමන්න මේ රටේ ජනතාව සමග අපි දේශපාලන කටයුතු කරනවා. ඔවුන් මේ රටේ ජනතාවගේ ජීවිත සමග කරන සෙල්ලම තවදුරටත් කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි සහතික වෙනවා."

 



සබැඳි පුවත් :
හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්