සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු ඊයේ (27) පස්වරුවේ Xposure News මාධ්‍ය ආයතනයට පැමිණ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු
සම්බන්ධයෙන් ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති 'ඩිජිටල් මාධ්‍ය සාමූහිකය' (The Digital Journalists Collective) පවසන්නේ, වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුව යටතේ සිදුවෙමින් පවතින මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බවයි.
'ඩිජිටල් මාධ්‍ය සාමූහිකය' වෙනුවෙන් විමුක්ති දුෂාන්ත විසින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මේ වන විට මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් අත් අඩංගුවට ගැනීම, පහර දීම, පැහැරගැනීම ඇතුළු බරපතළ තර්ජන එල්ල වෙමින් තිබේ.
මෙහි ආසන්න ම සිදුවීම වන්නේ Xposure News මාධ්‍ය ආයතනය වෙත බලපෑම් කිරීමයි.
ඊයේ (27) දිනයේ Xposure News මාධ්‍ය ආයතනයේ ප්‍රවේශය වෙත පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් එහි ආරක්ෂක අංශ වෙත ඡායාරූප කිහිපයක් පෙන්වමින් එම පුද්ගලයන් එම ස්ථානයේ රැදී සිටින්නේ දැයි විමසා තිබේ. CCTV කැමරා පරීක්ෂා කිරීමට ඉල්ලා ඇති අතර අනතුරුව නැවත පැමිණෙන බව පවසා නික්ම ගොස් තිබේ.
පසුගිය 22 වෙනිදා දියත් කල මිලේච්ඡ ප්‍රහාරය වාර්තා කිරීමේ දී දැඩි ලෙස පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන්ගෙන් තිදෙනෙක් ම මෙම ආයතනයේ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරයි.
භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර ඇති අතර එය තහවුරු කිරීම රාජ්‍ය සතු වගකීමකි. ඒ නිසා මාධ්‍ය මර්ධනයට කටයුතු නොකර ඔවුන්ගේ රාජකාරිය නිදහසේ කරගෙන යාමට ඉඩ දෙන මෙන් අවධාරණය කර සිටිමු.''

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.