ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති
ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසයි.
ඇය එබව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී විශේෂ දේශනයක් පවත්වමිනි.
ඇය පවසන්නේ ඉකුත් දශක දෙක තුළ චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත් වූ බවයි.
ණය ලබා දෙන සෙසු ආයතන හා රටවලට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු චීනය විසින් ලබා දී ඇති බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් එම දේශනයේදී සඳහන් කර තිබේ.
චීනය විසින් සෙසු ද්විපාර්ශ්වික ණයහිමියන් මෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්ද යන්න මේ වන විට ඇති ප්‍රධාන ගැටලුව බවද ඇය මෙහිදී පවසා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාවට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ලබාදුන් කඩිනම් සහන ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(nethnews.lk)
මුලාශ්‍ර වාර්තාව :
‘Opaque’ loans from China hurt Sri Lanka: USAID Administrator
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.