තමන් ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.



පවතින අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගැනීම ඉතා වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් විපක්‍ෂයේඅ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයි ද අලහප්පෙරුම කීවේය.

ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව ඔහු එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොජනය කරන මහාචාර්ය ජී.එල් පීරීස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ, ලලිත් එල්ලාවල , කේ. පී. එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති  තිලක් රා‍ජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම  මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



''හදිසි නීතිය පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි'' -ජීඑල්


රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් මෙම විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

"මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ආරම්භක සභාපති. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහමුලින්ම හාත්පසින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට පටහැනියි. මානව හිමිකම් සාක්ෂාත් කරන්න අපට සපයාදෙන සියලුම නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට, බිංදුවට පත්කිරීමට නීතිමට සක්‍යතාවයක්, බලයක් තියෙනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට හා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම. ඒ නිසා තමයි මම ඒකට විරුද්ධව ඊයේ පාර්ලිමේන්තුවේ දී මගේ ඡන්දය ප්‍රකාශ කළේ." ඔහු කියා සිටියේය.

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්