1200 x 80 DMirror

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත් කර ඇත.



කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.

2016 වසරේ දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියට අත්සන් තැබිණි.

මේ වනවිට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ.

ශ්‍රී ලංකාව ද එම ගෝලීය වගකීම් වෙනුවෙන් කළ යුතු කාර්යයන් රැසකි.

ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක මේවනවිටත් පත්කර ඇති අතර ඉදිරි දින කිහිපය තුලදී අඛිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර යන එජාපයේ ප්‍රබලයින්ට ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු පිරිනැමීමට නියමිතව ඇතැයි පැවසේ.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය