theleaderlk 01

කොටුව ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් පොලිසියට භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (ජූලි 28) කොටුව පොලිස්

ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.

පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් පොලිසිය වෙත භාරදී ඇති බව ද කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දී සිටියේ ය.

එලෙස භාරදුන් මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් සති තුනක් ගිය ද අධිකරණයට ඉදිරිපත්කර නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.

මෙම මුදල් සම්බන්ධව වාර්තාවක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ ය.



"අපි කරන්න ගියේ හොඳ වැඩක්"



මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස යි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලිසිය පවසා සිටියේ, පිරිසක් ජනාධිපති මන්දිරය තුළවූ මුදල් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිට ඇතිබව යි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල කියා සිටියේ මෙම සැකකරුවන්ට වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටී ඇති බව යි.

"මේ සැකකරුවන්ට එල්ලකර තිබ්බ චෝදනාව තමා, ජනාධිපති මන්දිරයේ හතරවැනි කාමරයේ තිබිලා රුපියල් එක්කෝටි හත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් මේ සැකකරුවන් භාරදීලා තියෙනවා පොලීසියට. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 09 වැනිදා. අරගලය සිද්ධ වෙච්ච දවසෙම තමා මුදල් ප්‍රමාණය ඔවුන් භාරදීලා තියෙන්නේ. ඊයේ දවසේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා මේ 04 දෙනාව අත්අඩංගුවට අරගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා. මේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටිච්ච වැඩක්. අපි කරේ හොඳක්. එක් කෝටි හැත්තෑ අටලක්ෂ පනස් දහසක මුදල අපි අදාළ පොලිස් නිලධාරියට භාරදීලා තියෙනවා. ඒ භාරදුන්නාට පස්සේ ඔවුන්ව අත්අඩංගුවට අරගෙන අද දවසේ ඉදිරිපත් කරලා තියෙනවා."

"විශේෂම කාරණය තමා, ගරු මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දුන්නා 09 වැනිදා පොලිස් ස්ථානය වෙත භාරදුන්නු මුදල් ප්‍රමාණය එක් කෝටි හැත්තෑ අට ලක්ෂපනස් දහසක මුදල් ප්‍රමාණය අද වනතුරු අධිකරණයේ තැන්පත් කරලා නැහැ. ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කළා කොටුව පොලිස් ස්ථානාධිපතිතුමාට වහාම එම මුදල් වාර්තාවක් එක්ක ගෙනල්ලා, ඒ මුදල් අධිකරණයේ තැන්පත් කරන්න කියලා."





BBC12 3

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්