1200 x 80 DMirror

පසුගිය වසර තුනේදීම අඛණ්ඩව ශ්‍රී ලංකා ස්කොෂ් ජාතික ශුරතාව දිනූ ෆාතුම් සලීහා ඉසඩීන්

(Fathoum Zaleeha Issadeen) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව මතුවී ඇති ගැටලුව අධිකරණය දක්වා දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.

ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව ඇය යි.

ලෝක ස්කොෂ් ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලොව පළමු 250 දෙනා අතරට ඇයගේ නම සටහන්ව තිබිණ. ක්‍රීඩිකාවක් ලෙස ඇගේ මීලඟ ඉලක්කය වී තිබුණේ ලොව හොඳම ස්කොෂ් ක්‍රිඩකයන් 100 දෙනා අතරට පැමිණීමය.

කෙසේ වෙතත් මෙම තෝරා නොගැනීමට හේතුව ලෙස ජාතික ස්කොෂ් සම්මේලනය පවසන්නේ ෆාතුම් නිසි පරිදි තේරීම් තරග සඳහා සහභාගී නොවී විදෙස් ගතවීම බවය. ඒ හේතුවෙන් ඇය තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවය.

එහෙත් මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් ෆාතුම් සලීහා ඉසඩීන් පවසා සිටියේ, ජාතික ස්කොෂ් සංගමයේ බලධාරීන් තමන්ව අත්තනෝමතික අයුරින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරන්නට කටයුතු කළ බවය. මේ අසාධාරණයට එරෙහිව අධිකරණයෙන් සාධාරණයක් අපේක්ෂා කරන බවය.

ෆාතුම් සලීහා ඉසඩීන් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් තමන්ගේ නම මෙසේ කපා හැර ඇති බවයි. එසේම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ව මේ පිළිබඳව කිසිදු ආකාරයකින් දැනුම්වත් කිරීමක් හෝ නොකළ බවට ෆාතුම් සලීහා චෝදනා කරයි.

ghfgh

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය