අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය,

ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.

ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවයි.

මේ අතර ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවයි.

ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

ඒ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණයකර ඇති පසුබිමකය.

මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.



නව මූල්‍ය පහසුකම් නැහැ...ලෝක බැංකුව

xdfgfg

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව අනාවරණය කළේය.

දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටින බව ලෝක බැංකුව පැවසීය.

මේ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

ඖෂධ, ගෘහස්ත ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා මුදල් හුවමාරුව හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකුව දැනට පවතින ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවද ලෝක බැංකුව සඳහන් කළේය.

අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ලෝක බැංකුව පවසයි.

මීට අමතරව, ලෝක බැංකුව සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති ගාස්තු කපා හැරීම් වැනි මූලික සේවා, සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.

මෙම සම්පත් දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කළේය.



"ඊළඟ මාස 06 ඇතුළේ, මහා විශාල ගැටලුවක්"

fgdfg"අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා." -පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
 
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ "අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

"අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර අපිට (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ."

"අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට." අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ "අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා."

"ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ."

"එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව." හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.



පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුනත් ආණ්ඩුවට මහජන සහය දුර්වලයි

ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසීය. නිවේදනයක් නිකුත් කරන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පවුලට ඉතා සමීප පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව තුළත් සිටින බැවින් එය තවදුරටත් මහජන විරෝධයට හේතුවක් විය හැකි බවයි.

 
අමෙරිකාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය එරට විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව පිළිගන්නා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ සාර්ථක රජයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීම් විසඳීම සඳහා වැදගත් පූර්ව කොන්දේසියක් වන නමුත්, රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් මූල්‍ය ආධාර සහ පුද්ගලික සහ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපේක්ෂා කරන බැවින් අභියෝග රාශියක් පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසීය.

bvnty

"නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශාල බහුතරයකින් තහවුරු වූ අතර, ඔහුගේ රජයට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහය ලබාදී ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස දුෂ්කර ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙනු ඇතැයි මෙය යම් බලාපොරොත්තුවක් ලබා දෙන" බව ෆිච් රේටින්ග්ස් ආයතනය අවධාරණය කළේය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රධාන ආයතන 03 අතරින් එකක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ සාර්ථක රජයක් පිහිටුවීම බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහය ගැනීම යන කරුණු මත තවදුරටත් අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

ෆිච් රේටින්ග්ස් පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලැබෙන්නේ නම් ඒ සමඟ ඉතා ඉහළ බදු පැනවීමටත්, රජයේ වියදම් පාලනය කිරීම‍ටත්, නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් සිදුවනු ඇති බවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මකවීමේදී මහජන විරෝධතාවක් එල්ලවීමේ අවදානමක් පවතින බව පවසන ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය ක්‍රියාකාරිත්වය ඉතා අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි අනතුරු අඟවයි.

ජූලි මාසයේ අගවනවිට ශ්‍රී ලංකාවට ඉන්ධන, ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම ද ඇතුළුව රටේ කටයුතු සඳහා තිබූ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වැනි සුළු ප්‍රමාණයක් බව ෆීච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

චීනයට ගෙවිය යුතු ණය හේතුවෙන් ණය පිළිබඳ සාකච්ඡා සංකීර්ණ විය හැකි බව පවසන ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ 2020 අවසානයේ චීන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක පමණ අගයක පැවති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 13% ක් පමණ වන්නේ, චීන ද්විපාර්ශ්වික නිල ණය සහ චීන සංවර්ධන බැංකුවේ සහ චීන අපනයන-ආනයන බැංකුවෙන් ලබා ගත් ණයයි.

ණය කපා දැමීමට වඩා ඒවා කල් පිරෙන කාලය දීර්ඝ කිරීම, ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය නැවත සකස්කර දීම, සහන කාලසීමා ලබාදීම වැනි සම්ප්‍රාදායික ක්‍රම චීනය අනුගමනය කළත් මෙම ක්‍රියාමාර්ග අනෙකුත් ණය ලබාදෙන පාර්ශ්ව සමඟ කෙරෙන සාකච්ඡාවලට අභියෝගාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙයි.



අමෙරිකාවේ විවේචනයට චීනයේ ප්‍රතිචාර

ශ්‍රී ලංකාව තුළ සිය දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපාර සහ ආයෝජන ශ්‍රී ලංකාව නඟා සිටුවීමට හේතු වු බවත්, රට බංකොලොත් වීමට හේතු නොවු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

ඒ, ශ්‍රී ලංකාව බංකොලොත් වීමට හේතු අතර බීජිං හි ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු බවට අමෙරිකානු නියෝජිතවරියක පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසය.


xffg

"චීන-ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව සෑම විටම ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලැබුවේ විද්‍යාත්මක සැලසුම් සහ සම්පූර්ණ සත්‍යාපනයක් සමඟ බව," චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහු කියා සිටියේ "චීන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන දී තිබෙනවා" ජාත්‍යන්ර සංවර්ධන පිළිබඳ අමෙරිකානු නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති විවේචනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

බදාදා නවදිල්ලියේ දී අදහස් දක්වමින් සමන්තා පවර් චෝදනා කර සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඉන්දියාව අතිශය තීරණාත්මක පියවර මාලාවක් සමඟ "සැබවින්ම වේගයෙන්" ප්‍රතිචාර දැක්වූ නමුත් සැලකිය යුතු සහනයක් ලබා දෙන ලෙස චීනයට කළ ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණු බවයි.

අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට "විනිවිද නොපෙනෙන ණය" ගනුදෙනු පිරිනමමින් ශ්‍රී ලංකාවේ "විශාලතම ණය දෙන්නන්ගෙන්" එක්කෙනෙක් බවට චීනය පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ දැයි කල්පනා කරන බවත් පවර් පැවසුවාය.

ඇයගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ෂාඕ ලිජියන් පැවසුවේ, "ශ්‍රී ලංකාවේ විදේශ ණය සැලකීමේදි, චීන ණය, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු කොටසක් බවයි."

"මීට අමතරව, චීනය ශ්‍රී ලංකාවට සපයන්නේ අඩු පොලී අනුපාත සහ දිගු කාලීන වරණීය ණය වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත," යනුවෙන් ඔහු පැවසීය.

ණය හුවමාරුවක් ලෙස චීනය වසර 99ක බදු පදනම මත පවරා ගත් හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නෙළුම් කුලුන, හම්බන්තොට ඉදිකළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු ශ්‍රී ලංකාවේ ඵලදායී නොවන චීන ව්‍යාපෘති දැඩි විවේචනයට ලක්ව ඇත.

බොහෝ ආර්ථික විශ්ලේෂකයින් චෝදනා නගන්නේ ඵලදායී නොවන චීන ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකාව ණය උගුලක හිරවී ඇති බවයි. එහෙත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.


මේ අතර විදේශ විනිමය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව මේ වනවිට සීමාසහිත ණය පැහැර හැරීමේ තත්ත්වය හෙවත් ආර්.ඩී (Ratings Default) තත්ත්වයේ පවති.


ෆච්රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, මේ තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව වාණිජ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බවයි.
ජූනි 30 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බව සඳහන් කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බව තහවුරු කළේය.

ghfgh

ඉදිරි සති 02ක තීරණාත්මකයි:

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරි සති 02 තීරණාත්මක බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

බීබීසීය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "ආර්ථික විද්‍යාවේ න්‍යායන් පාවිච්චි කිරීමේදී 99%ක් තියෙන්නේ උපකල්පන මත. ඒ න්‍යායන් ඒ විදිහටම පාවිච්චි කරන්න බැහැ. ඒවා පාවච්චි කරන්න ඕනේ අවස්ථානකූලව හදිසි සැලැස්මක් සමඟ. න්‍යාය තුළ හරි. මේවගේ අධි උද්ධමනයක් ඇති වෙන කොට යම් ආකාරයක වෙළෙඳපොල අඩපන කිරීම, ඉල්ලුම අඩු කිරීමට හේතුවෙන්න පුළුවන්."

"නමුත් අපේ උද්ධමනය ඒක නෙමේ. අපේ තියෙන්නේ ස්ටැග්ෆේලේෂන් එකක්. මේක ඉන්ෆ්ලේෂන් එකක් නෙමේ. ආර්ථිකය උඩට යන්නේ නැහැ. අපේ ආර්ථික වර්ධනය සෘණ වෙලා තියෙන්නේ. සෘණ වෙලා තියෙද්දි උද්ධමනයක් ඇති වෙනවා කියන්නේ, අපි සැටැග්ෆේලේෂන් එකක ඉන්නේ."

"ස්ටැග්ෆේලේෂන් එකට උත්තර හොයන්න ඕන විදිහ, ඉන්ෆ්ලේෂන් එකේදී හොයන උත්තර නෙමේ. මේ උද්ධමනයත් ඉල්ලුමෙන් ඇඳුනු උද්ධමනයක් නෙමේ. මිනිස්සු මේ භාණ්ඩ ඉල්ලලා මිල වැඩි වුණා නෙමේ නේ," යනුවෙන් මහාචාර්ය පෙරේරා පැවසීය.

අපනයන ආදායම් ගෙන එන ආයතන ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මහාචාර්යවරයා අවධාරණය කළේය.

"ශ්‍රී ලංකාවේ එක ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන ඇඟළුම් ව්‍යාපාරය වහලා ලංකාවෙන් ගියොත් රස්සා ප්‍රශ්න කොච්චර ඇති වෙන්න පුළුවන්ද? දැනටමත් ප්‍රධාන ඇඟළුම් ආයතන ලංකාවෙන් යනවා අප්‍රිකානු රටවලට."

"මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න නම් ස්වාධීන මහ බැංකුවක් ඕනේ. ස්වාධීනව හා ප්‍රායෝගිකව හිතන්න පුලුවන් මහ බැංකු අධිපතිවරයෙක් ඕනේ".

"තාම තෙල්වලට විසඳුමක් නැහැ. බලශක්ති ඇමති සහ මහබැංකු අධිපති අපි දන්න ප්‍රශ්නම අපිට කියනවා නම් වැඩක් නැහැ නේ. ජනතාවට අවශ්‍ය උත්තර." මහාචාර්යවරයා අවධාරණය කළේය.


ඔහු පෙන්වා දුන්නේ "සති දෙකක් ඇතුළත අලුත් ආණ්ඩුවක් පත්වෙන සූදානමක් තියෙනවා. මේ වෙලාවේ විපක්ෂයක් නොමැති පාර්ලිමේන්තුවක් අනිවාර්යෙන් තිබිය යුතුයි. විපක්ෂයක් තියෙන පාර්ලිමේන්තුවක් තිබ්බොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කිසිදෙයක් ක්‍රියාත්මක කරන්න බැරිවෙයි."




උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

2022 ජුනි මාසයේ දී ජාතික පාරිභෝගින මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.91ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 7.25කින් සහ සියයට 3.66කින් ඉහළ යෑම මේ සදහා හේතු වී ඇත.

ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, එළවළු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය.

තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 ජුනි මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.

 
 


ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්