පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශකර ඇත.

ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි. එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්