1200 x 80 DMirror

රාජපක්ෂවරුන්ගේ දුෂිත පාලනය ප්‍රජාතන්ත්‍රවාදිව වෙනස් කිරීමට දායක වූ ජනතා අරගලය

නිසා බලයට පැමිණ අරගලකරුවන්ට එරෙහිව වීම අවස්ථාවාදය බවට උතුරු නැගෙනහිර සම්බන්ධිකරණ කමිටුව ආණ්ඩුවට චෝදනා කර තිබේ.

උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව මගින් ඊයේ [29] මන්නාරමේ, මඩකලපුවේ හා යාපනයේ දී උද්ඝෝෂණය කරනු ලැබුවේ ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීම හා ඔවුන් අත් අඩංගුවට ගෙන සිරගත කිරීමට එරෙහිවයි.

සමාජ ක්‍රියාකාරීන්ට හා මාධ්‍යවේදීන්ට ආණ්ඩුව විසින් පහර දීම තරයේ හෙළා දකින එම කමිටුව සඳහන් කරන්නේ දෙමළ ජන සංහාරයට හා යුද අපරාධ වලට වගකිව යුතු රාජපක්ෂවරුන් අරගලකරුවන් විසින් දණගස්වා ඇති බවයි.

උතුරු -නැගෙනහිර සම්බන්ධිකරණ කමිටුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ ගැන අරගලකරුවන්ට උත්තමාචාරය පුද කරන අතර වත්මන් රනිල්  වික්‍රමසිංහ ආණ්ඩුවද ප්‍රජාතන්ත්‍ර විරෝධීව ක්‍රියාකර රට නැවතත් අනාරක්‍ෂිත බව කරා  රැගෙන යන  බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති හිමිකම් උල්ලංඝණය නවත්වා,නීතිය හා සාමය මෙන්ම ප්‍රජාතන්තරවාදය රැක ගනිමින්, දැනට සිරගත කර සිටින අරගලකරුවන් සියළු  දෙනාම නිදහස් කරන ලෙසද එම කමිටුව ඉල්ලා තිබේ.

0101000 10101000 2

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය