දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල පිහිටි සංචාරක නවාතැන් සහ

සංචාරක සේවා සපයන ආයතන සඳහා මෘදු මන්පැන් අලෙවි කිරීමට කොන්දේසිවලට යටත්ව අවසර ලබා දී තිබේ.

සුරාබදු ආඥා පනතේ (52 වන අධිකාරිය) 25 වන වගන්තිය සමග කියවිය යුතු 32 වන වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය නම්‍යශීලී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වන මෙය, රට පුරා පිහිටි සංචාරකයින්ගේ සුවපහසුව පිණිස ආහාර පාන සපයනු ලබන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපන ශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතන වෙත පැවරී තිබේ.

ඒ අනුව, එම ස්ථානවලට වයින් සහ බියර් ඇතුළු පැසවීම මගින් නිපදවා ගනු ලබන මත්පැන් (මෘදු මත්පැන්) පමණක් කොන්දේසි සහ සීමා කිරීම්වලට යටත්ව අලෙවි කිරීමට අවසරය ලබා දී ඇත.

එසේ ම, එම මෘදු මත්පැන් අලෙවිය සඳහා අවශ්‍ය කෙරෙන බලපත්‍රය වාර්ෂිකව රුපියල් 25,000.00ක මුදලකට යටත්ව අලෙවි කිරීමට නියමිත ය.

අදාළ රීති ජූලි මස 28 වන දින සිට බලාත්මක වන කෙරන බව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

wine 1

wine 2


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්