කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම

කොලොම්බියාවට යැවීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

අදාළ ට්විටර් පණිවිඩය නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, “වීසා සහ ප්‍රවේශපත්‍ර ගැටලු හේතුවෙන් කණ්ඩායමට කොලොම්බියාවේ 'කැලි' වෙත යාමට නො හැකි වූ බවට කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ දෙමාපියකුගෙන් ලැබුණු ඇමතුමක් නිසා, නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් රොෂාන් රණසිංහ ඇමැතිතුමාත් මමත් ඉතා අසීරුවෙන් කණ්ඩායම නියමිත වේලාවට පිටත් කර යැවීමට කටයුතු සම්පාදනය කළා" යනුවෙනි.

dhty

කෙසේ නමුත් මෙම මෙම ක්‍රීඩකයන් පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පරිදි ශූරතාවලියට යාමට නො හැකි තත්වයක් මතුවිය.

ඊට විරෝධය පාමින් මෙම ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ දෙමව්පියන් ඊයේ රෑ එළිවන තුරු ටොරින්ටන් හි ක්‍රීඩාගාර ගෙඩනැගිල්ලේ රැඳෙමින් සාධාරණයක් අපේක්ෂාවෙන් විරෝධතාවය නිතරවූහ.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයන්ට අදාළ තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය අනුමැතිය සහ මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබුණත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පැවරී තිබුණ එක ම වගකීම වූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර දීමේ කාර්ය නිසි පරිදි ඉටුකිරීමට අපොහොසත් ව තිබිණ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ, “කොලොම්බියාවට යාමට ගුවන් යානයක් අල්ලා ගැනීමට තවමත් අරගල කරන ළමයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ගැන මම දන්නවා. මෙම දරුවන්ට ගුවන් ටිකට්පත් ලබාදීමට මගේ අනුමැතිය තිබියදීත් සම්මේලනය හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දරුවන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන තිබීම ගැන මම දැඩි කලකිරීමකට පත්ව සිටිනවා." යනුවෙනි.

vjghgfhj


කෙසේ නමුත් අදාළ සිදුවීමෙන් අනතුරුව, විශේෂ හේතු හැර සංගම් ප්‍රධානීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් යලි තරගාවලි නියෝජනය කිරීම වහා නවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා බලධාරීන්ට නියෝග කර ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයා ශෝකය පල කරයි

Sport lost 2

Sport lost 1

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්