1200 x 80 DMirror

විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු කිරීමේ චෝදනාව යටතේ සිරගත කර සිටි සැකකරුවකු ඇප මත

නිදහස් කර තිබේ.

2021 වසරේ මැයි මාසයේදී එරාවුර් පොලිසිය මගින් මඩකළපුව චෙන්කල්අඩි පදිංචිකරුවකුවූ ගණපතිපිල්ලේ මොහාන් හෙවත් 'තියටර් මොහාන්' අත්අඩංගුවට ගත්තේ 'දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ  මතවාදය ප්‍රවර්ධනය කිරීම' යන චෝදනා ඉදිරිපත් කරමින් කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයි.

වසරකට වැඩි කලක් සිරගතව සිටී `තියටර් මොහාන්` එරාවුර් අධිකරණය මගින් පෙරේදා [29]  ඇප මත මුදා හැර තිබේ.

එල්.ටී.ටී. නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු කිරීම සඳහා ඔහු විසින් යොදා ගත්තේ යැයි කියන ජංගම දුරකථනයක් හා `ඇපල් වර්ගයේ අයි පෑඩයක්` පොලීසිය බාරයට ගෙන ඇත.

මඩකළපුව අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ  `තියටර් මොහාන්`ට ඇප ලැබුන ද ඔහුට එල්ල කර ඇති චෝදනා ඉවත් ව නොමැති බවයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය