ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන

ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් මෙන්ම, පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනකු ද මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිසට දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිප දෙනෙකුද ඇතුළත් වනු ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන පිබිදීමත්, අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් එම පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන මත ගැටුම් ආදියත්, හේතුවෙන් ඔවුන් මෙසේ එජාපයට එක් වෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.

(lankadeepa.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්