1200 x 80 DMirror

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 72 න් එකක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයට අනීතිකව ඇතුල්වීම, ඔවුන් බිය වැද්දීම සහ සිවිල් අයිතීන්ට

අභියෝග කිරීම මුළුමනින්ම හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

dullus al

පොලිසිය පෙරේදා (29) දිනය තුළ දෙවරක් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය සෝදිසි කිරීමට ලක් කළේය. කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව පළමු වටයේ පැමිණි නාදුනන පිරිසක් ත්‍රස්තවාදියෙකු සොයන ආකාරයට පක්ෂ කාර්යාලය පුරා සෝදිසි කළ බව එම පක්ෂය පවසයි.







ඩලස්ගේ නායකත්වයෙන් අලුත් පෙරමුණක් !



මේ අතර 'ඉරිදා ලංකාදීප' පුවත්පත වාර්තා කර ඇත්තේ, දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම, විමල් වීරවංශ ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සහ චම්පික රණවක සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවුල්වාදය, විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී, ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම, දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය