එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝම්බර් 30දා ප්‍රකාශයට පත්කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා වන්නේ මුදල් අමාත්‍යවරයාය. ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥයින් ගණනාවක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

මෙම කමිටුව පසුගියදා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත්කර ඇත.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකීම්, දිගම්බරම්, රිෂාඩ් බද්දුර්දින්, චම්පික රණවක, මනෝ ගනේෂන් ද සහභාගී වී තිබේ.

එහිදී පක්ෂ නායකයින් විසින් අදාල කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කර ඊට අනුමැතිය ලබාදී ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්