බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැනුණු අත්බෝම්බය තබන ලද්දේ එවක රජයේ බලවතුන් විසින් බව කොළඹ අගරදගුරු

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (31) මෝදර ශුද්ධ වූ ජාකොබ් මුණිඳුගේ දේවස්ථානයේ මංගල්‍ය විද්‍ය පූජාවට පැවැත්වීමට ඒක් වෙමිනි.

ඒහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

''ජනවාරි මාසයෙ 11 වැනිදා සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බබයක් තිබ්බා. සන්ක්‍රිස්තියන් සමග කීපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මාසයකට වැඩිය ඒ මිනිස්සු හිර කරලා තියා ගත්තා. ඒ බෝම්බය ගෙනාවෙ ඒ මිනිස්සු නෙමෙයි. අද වනතුරු කිසිම පරීක්ෂණයක් සිද්ධ වෙන්නෙ නෑ.

 

බෝම්බය හොයාගත්ත මිනිස්සු ඇතුළට දාලා කිසිම සාධකයක් නෑ කියලා එලියට දැම්මා. ඒ මිනිස්සුන්ට ගැහුවා. ඒ මිනිස්සුන්ගෙන් බලෙන් අත්සන් ගත්තා. ඒ  ගැන කිසිම යුක්තියක් ඉෂ්ඨ වුනේ නෑ. ඒ බෝම්බය තිබ්බෙ බලවත්තු. ඒ තිබ්බේ ඒදා හිටපු රජයෙ බලවත්තු. ඒ ගැන  කිසිදු පරීක්ෂණයක් නෑ. අද වනතුරුත් ඒක කාර්පට් ඒක යට.

 

2019  අප්‍රේල් 21 වැනිදා මේ වගේ දේවමෙහෙයක් වෙලාවෙදි බෝම්බ පුපුරවලා කටුවාපිටියේ කොච්චි කඩේ තවත් ආපන ශාලාවල, හෝටල්වල  මිනිස්සු 269 දෙනෙකුගෙ ජීවිත නැති කරලා දැම්මා. මෘගයන් වගේ පුපුරවලා දැම්මා කෑලි කෑලි වලට.

අද වනතුරු එකේ යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ.''


''මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ ඔවුන්ගේම මෝඩකම් නිසා''


මේ රට මේ තරම් බීහිසුණු අගාධයකට වැටී ඇත්තේ බලයට ධනයට කෑදර ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් පිරී ඇති ස්ථානයක් වීම නිසා යැයි ද කොළඹ අග රදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එහිදී පැවසුහ.

මේ රටේ මිනිසුන් දුක් විඳින්නේ ඔවුන්ගේම මෝඩකම් නිසා නොවේදැයි විටෙක හිතෙන්නේ යැයි උන්වහන්සේ සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පැවසුහ.

 

“බලන්න අද අපේ ශ්‍රී ලංකාවේ සමාජයට වෙලා තියන දේ. ප්‍රතිපත්තියක් නෑ.. බලයට ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සුන්ගෙන් පිරිච්චි නිසා මේ රට අද ආගාධයට වැටිලා. අපේ ජනතාව දුක් විදින්නේ අපේම මෝඩකම් නිසා කියලා අපට හිතාගන්න වෙලා තියනවා.

 

ආගම කියන්නේ ඉරිදා පූජාවට ඒන ඒක විතර ද? ජීවත් වීම තමයි ආගම කියන්නෙ. අපි මේ රටට කියනවා ධර්මද්වීපය කියලා. පේනවා නේද ධර්මද්වීපයේ වෙන දේවල්. කිසිම ප්‍රතිපත්තියක් නැති, කිසිම නීතියක් නැති, සමාජයක්  අද අපේ රටේ බිහිවෙලා තියනවා.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්