1200 x 80 DMirror

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජුලි 26 දා පවත්වන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර්

ජෙනරාල් සුරේෂ් සලේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන ආරක්ෂක අංශ ප්‍රධානින් කැඳවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සැක මතුකර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එවැනි ආරක්ෂක නිලධාරීන් කැඳවීමක් සිදු නොකරයි.

 එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පළමු රැස්වීමට මොවුන් කැඳවා ඇති අතර එහිදී අදහස් දක්වමින් බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ අගෝස්තු 09 වෙනි දින ගිනි තැබීම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූ බව lankatruth.com වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහ මේ වනවිට හදිසි නීතිය පනවා මර්දනය දියත් කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටින අතර සරත් ෆොන්සේකා විසින් අගෝස්තු 09 වෙනි දින විරෝධතාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම විරෝධතාවයේදී මැයි 09 වෙනිදා රාත්‍රියේදී මෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සැලසුමක් ඇති බවට මේජර් ජනරාල් සුරේෂ් සලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මෙම ආරක්ෂක නිලධාරීන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවූයේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි තොරතුරු ලෙස වාර්තා කිරීමට දැයි බලවත් සැකයක් මතුවී ඇත. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 90කට අඩු සංඛ්‍යාවක් සහභාගී වූ බවට වාර්තා වේ.''

කෙසේ වුවද මේ මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී වාර්තා වූයේ පසුගිය සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සාලේ සහභාගි වී නොමැති බවයි.

 එම රැස්වීමට සහභාගි වූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානීයා සහභාගී වූ බවය.

sff


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය