මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අන්ජාන් උම්මා

මහත්මිය සමඟ වයඹ, උතුරු මැද පළාත් සභාවල ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු ‍දෙදනකු හා බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක් ද එක් වූහ.

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවති සමාජ සාධාරණය උදෙසා රතු තරු ජන බලය ප්‍රජාතන්ත්‍රවාදි වාම ව්‍යාපාරය ජාතික මහ සමුළුව දී ඔවුන් මෙසේ එක් වුහ.

බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි එරාජ් ක්‍රිෂාන්ත අල්විස්, උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි අනුර දිසානායක ,වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි සමන් පුෂ්පකුමාර යන මහත්වරු මෙසේ එක් වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වු, එම පක්ෂයේ සමාජිකයින්ගෙන් සමන්විත රතු තරු ජනබලය සංවිධානයේ 400ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට එහිදී එක් විය.

 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්