"අරගලය ජාතික ව්‍යාපාරය" විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අගෝස්තු 02 අඟහරුවාදා පස්වරු 2.00ට

 කොළඹ 10, මරදාන, CSR ශාලාවේ (සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ ) දී පැවැත්වේ.

ගාලු මුවදොර අරගලබිමෙහි පූර්ණකාලීනව සම්බන්ධව සිටි නමුත් සංවිධානගත වී නොසිටි පිරිසකගේ මූලිකත්වයෙන් ඇරඹෙන 'අරගලය ජාතික ව්‍යාපාරය' සංවිධානය සිය ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ලෙස මෙය පවත්වයි.

පවතින ආර්ථික, සාමාජීය සහ දේශපාලන අර්බුදය හමුවේ ගොඩනැගුනු පොදු ජන අරගලයේ ආරම්භයේ පටන් ක්‍රියාකාරීව සිටි අරගලකරුවන්, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන්, වෘත්තිකයන්ගෙන් නිර්මිත 'අරගලය ජාතික ව්‍යාපාරය' විසින් සංවිධානය කෙරෙන මෙම මාධ්‍ය හමුවේදී ජනතා 'අරගලයේ ඉදිරි මඟ, අරගලකරුවන් මර්දනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්බුදකාරී අස්ථාවර ආණ්ඩුක‍රණය සහ වත්මන් දේශපාලන තත්ත්වය' පිළිබඳ  අදහස් දැක්වීමට නියමිත බව 'අරගලය ජාතික ව්‍යාපාරය' මාධ්‍ය සම්බන්ධීකාරක මංජුල සමරසේකර පැවසිය.

දිනය - 2022 අගෝස්තු 02 (අගහරුවාදා)
වේලාව - පස්වරු 2.00ට
ස්ථානය - මරදාන, CSR ශාලාව (සමාජීය සහ සාමයික කේන්ද්‍රය, ෆාතිමා දේවස්ථාන පාර, කොළඹ 10)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්