වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා

එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (02) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (02) උදේ පැමිණෙන ලෙස ඊයේ (01) දැනුම්දීමක් ද කර තිබිණි.

අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.

එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායකට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමෙන්නේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.

පසුව නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරු කටයුතු කළහ.

(lankadeepa.lk)


සබැඳි පුවත් :

සිරිපාල ගැන සෙවූ කමිටුවේ වාර්තාව ජනපති ලේකම්ට

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්