තමන් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්

පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කරන්නේ, කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තර කරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවය.

අරගලයේ මුලසිටම නිරතව සිටින ජීවන්ත පීරිස් පියතුමා සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.




සබැඳි පුවත් :


ජීවන්ත පීරිස් පියතුමා ගැන සීරුවෙන් !

දෙවියන් හරිම දුප්පත් කියල ඔයාල දන්නවද? - (මහේෂ් හපුගොඩ)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්