රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඒ, සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය කාලයේ සිදු කළ කැපකිරීම සහ සේවාවන් සලකා බලමිනි.
යහපාලන ආණ්ඩුවේ අවසාන කාලයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය. ඒ, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙමිනි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.