1200 x 80 DMirror

ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන් දෙදෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්

පෙනී නොසිටින රාජ්‍යයක තානාපතිවරයා රහසිගත ලෙස හමුවීම සම්බන්ධයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක අරගලයක යෙදී සිටින සංගමයක් විරෝධය පල කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක්ද තමන්ට නොදන්වා කළ මුණගැසීම ගැන ප්‍රශ්න කර ඇත.

උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ගෝපාලක්‍රිෂ්ණන් රාජ්කුමාර් ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කර ඇත්තේ, එම්.ඒ සුමන්තිරන් හා රාසමානික්‍යම් ශානක්‍යනි යන මන්ත්‍රීවරුන් දෙදෙනා "දෙමළ ජාතික සන්ධානයේ නායකයාට හෝ සන්ධානයේ අනෙකුත් සාමාජිකයන්ට නොදන්වා තානාපතිවරයා හමුවී ඔවුන්ගේ වාසිය සඳහා" කටයුතු කර ඇති බවයි.

"චීනය කිසිම අවස්ථාවක මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ දෙමළ ජනතාව සම්බන්ධ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සහයෝගයක් ප්‍රකාශ කර නෑ. චීනය දෙමළ නිජභූමියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවත් උතුරු නැගෙනහිර දෙමළ නිජබිම තුළ චීන ව්‍යාපෘති සියල්ල නතර කරන ලෙසත් අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා. ඒ නිසා දෙමළ ජාතිකත්වය සහ දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන, ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන මන්ත්‍රීවරුන් හොර රහසේ චීන තානාපතිවරයා හමුවීම අනුමත කරන්න බැහැ,"  යි ගෝපාලක්‍රිෂ්ණන් රාජ්කුමාර් වැඩිදුරටත් සදහන් කර තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සභාපති මාවෙයි සේනාධිරාජාට පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් වැඩි දුරටත් පවසන්නේ.

"කොළඹ පදනම් කරගත් දෙමළ දේශපාලනඥයන් උතුරු නැගෙනහිර දේශපාලන කටයුතු වලින් නෙරපා හැරීමට කාලය පැමිණ ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරකම් ගැන අපට ලැජ්ජයි"

මන්ත්‍රීවරුන් තානාපතිවරුන් හමුවීම සාමාන්‍ය දෙයක් වන නමුත් එම හමුව සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරීම සහ නිහඬව සිටීම  සම්බන්ධයෙන් දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා චෝදනාවට ලක්ව සිටි.

 

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ද පසුගියදා  ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනි.

"මන්ත්‍රීවරුන් විදේශ තානාපතිවරුන් හමුවීමේ වරදක් නැ. නමුත් මෙහි ඇති ප්‍රශ්නය වෙන්නේ අපේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හොර රහසේ ගොස් ඔවුන් හමුවීමයි, "   යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර තිබුනි.

චීන තානාපතිවරයා හමුවී සිදු කළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බව දෙමළ ජනමාධ්‍යවේදීහු සදහන් කරති.

මීට ඉහත විවිධ විදේශ දූත මණ්ඩල හමුවූ අවස්ථා මන්ත්‍රීවරුන් දේපල විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය