මෙවර ජනාධිපතිවරණයේ දී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
විසින් ගන්නා ලද්දේ අසීරු තීන්දුවක් බවත් එම තීන්දුව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය නායකයින් කලකිරීමක සිටින බවත් ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු එබව කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස වෙත සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහු එහිදී පැවසිය.
කෙසේ වෙතත් තෝරාගත යුත්තේ සමාන අදහස් ඇති පක්ෂ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ඔක්තොම්බර් මස 04දා පක්ෂයේ ආසන සංවිධායකයින් කැඳවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මත විමසීමේදී සංවිධායකයින් කිහිප දෙනෙකු හැර අන්සියලුදෙනාම පාහේ 'පොහොට්ටුව' සමග සන්ධානගතවීමට විරෝධය පළකර තිබිණ.
(මූලාශ්‍රය -ලංකා සි නිව්ස්)
සබැඳි පුවත්:
ජනාධිපති මෛත්‍රී අද 'පොහොට්ටුවට' පොල්ලක් තියපු හේතුව මෙන්න (වීඩියෝ)