1200 x 80 DMirror

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා

ගම්මානයෙන් අතුරුදන් වී තිබේ.

ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු මෙලෙස අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

පෙරේදා දිනයේ මෙසේ අතුරදන්වී ඇත්තේ ජූඩෝ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් අසේල ද සිල්වා හා ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානී මාරප්පුලි දෙදෙනා බව ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පැවසිය.

73342ක්‍රීඩා උලෙළේ පස්වැනි දිනය වූ පෙරේදා (01දා) රාත්‍රියේ කිසිවකුටත් නොදන්වා කළමනාකරු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්ව ඇති අතර, ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ වේල්සයේ ඈෂ්ලි ඈන් සමග තරගයෙන් පරාජයට පත්වී ක්‍රීඩා ගම්මානයට පැමිණීමෙන් පසු අතුරුදන්ව ඇතැයි කරුණු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුක්‍රීඩා ගම්මානයේ පිහිටි පුද්ගලයන් අතුරුදන්වීමේ පොලිස් ඒකකයට හා එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබේ.

 ඊයේ පස්වරුවේ එම විමර්ශන කණ්ඩායම් ක්‍රීඩා ගම්මානයට පැමිණ අතුරුදන් වූ කළමනාකරු හා ක්‍රීඩිකාව නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කොට ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරමින් පවති. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබාගත් ජීව දත්ත ඔස්සේද පරීක්ෂණ සිදු කරන බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසා ඇත.


"මට සමාවෙන්න" අතුරුදහන් ක්‍රීඩිකාව SMS එකක් එවලා !


අතුරුදන් වූ කළමනාකරු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුදන් වූ ක්‍රීඩිකාව තම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘මට සමාවෙන්න‘ යනුවෙන් ජංගම දුරකතන කෙටි පණිවිඩ එවා ඇතැයි වාර්තාවේ.

බර්මින්හැම් ක්‍රීඩා උලෙළට ජූඩෝ තරග උදෙසා ක්‍රීඩකයෝ තිදෙනෙක් හා ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙන් සහභාගිවිය.

සමස්ත ක්‍රීඩා උලෙළට ක්‍රීඩකයන් 54ක්, ක්‍රීඩිකාවන් 60ක්, පුහුණුකරුවන්, වෛද්‍යවරු, සාහකයන් 46 ඇතුළු 160ක පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේවනවිට බර්මින්හැම් වෙත ගොස් සිටියි. ඉන් රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32ක් හා ජිම්නාස්ටික් පිලේ 6ක් මේවන විටත් ශ්‍රී ලංකාව පැමිණ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානීන් වන ගාමිණී ජයසිංහ හා චන්දන ලියනගේ දැනට බර්මින්හැම්හී සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආගමන විගමන බලපත්‍ර තම භාරයට ලබා ගෙන අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගෙන ඇත.


මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කනගාටුව පළකරයි

 

12117873161522154948 Major General Dampath Fernando 5

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධ කළ විමසීමකදී පැවැසූවේ, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාරව සිටි සියලු කළමනාකරුවන් ශ්‍රී ලංකාවේදී හා බර්මින්හැම්හීදී දැනුම්වත් කොට තිබියදී මේ සිදුවීම සම්බන්ධව කනගාටු වන බවයි.

‘කණ්ඩායම් කළමනාකරුවන් භාරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාස්පෝට් තිබුණේ. මේ සිදුවීමත් සමග සියලු පාස්පෝට් අපේ භාරයට ගත්තා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ තොරතුරු ගැනීමට කළමනාකරුවන්ට පෝර්මයක් ලබාදී දෛනික වාර්තා ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළා. උදේ කෑම කන වේලාවේ සිට නින්දට යනතුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොහේද ඉන්නේ කියන එක කළමනාකරු දැනගත යුතුයි. නමුත් කළමනාකරුවකු මේ සිද්ධියට සම්බන්ධවීමෙන් තත්ත්වය සංකීර්ණ වුණා. අප වහාම පොලීසියට දැනුම් දුන්නා. දැන් පරීක්ෂණ පවත්වනවා“ ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රීඩා උලෙළ ලබන 8වැනිදා නිමා වන අතර, තරග නිමාවූ වහාම කණ්ඩායම් වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදා ඇත.


(hirufm.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්