මේ වන විට පනවා ඇති හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව  'ලිබරල් තරුණ ව්‍යාපාරය' විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.



'ලිබරල් තරුණ ව්‍යාපාරය' වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ, එහි සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිනී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසිනි.

පෙත්සම්කරුවන් සඳහන් කොට ඇත්තේ ඉකුත් ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 13 (1), 13 (2), 13 (5), 14 (1) (a), 14 (1) (b) සහ 14 (1) (c) යන වගන්ති උල්ලංඝණය වී ඇති බව ය.

එමෙන්ම මෙම හදිසි නීති රෙගුලාසි හරහා සාමකාමී සහ නිර්ප්‍රචණ්ඩ මහජන ඒකරාශී වීම් වැළක්වීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බව ප්‍රකාශ කළ පෙත්සම්කරුවන් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කොට ඇති භාෂණයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට බාධා පැමිණවෙන බවද සඳහන් කර සිටියි.

ලිබරල් තරුණ ව්‍යාපාරයේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්‍ය ගෙහාන් ගුණතිලක පෙනී සිටියි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්