නීතිපතිවරයා ලබාදෙන උපදෙස් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම මැදිහත් කටයුතු කරන ලෙස කොළඹ කොටුව

මහේස්ත්‍රාත්වරයා අද (03)  නීතිපතිවරයාට නියෝග කළේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවස්ථා තුනක දී නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ලැබූ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (03) නීතිපතිවරයාට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරුගේ සිට පස් වැනි සැකකරු දක්වා වන අයවලුන්ගේ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කළේය.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක සහ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට එලෙස නියෝග නිකුත් විනි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ පරික්ෂණය අධිකරණය හමුවේ අද (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්