1200 x 80 DMirror

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට ප්‍රධාන විපක්ෂය වන ජාතික

සමගි ජනබලවේගය තීන්දු කර ඇති අතර ඒ අනුව අනිද්දා (05) පැවැත්වෙන සාකච්ජාවට සහභාගිවීමට නියමිතය.  

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජික් ප්‍රේමදාස විසින් අගෝස්තු 02 වැනිදා දාතමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එබව දැනුම් දී තිබේ.

රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනාධිපති වික්‍රමසිංහ විසින් කර ඇති ආරාධනය තමන් පිළිගන්නා බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

විපක්ෂ නායකවරයා විසින් යවන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.


ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.


''ඔබතුමා විසින් එවන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29 දාතමින් යුක්ත ලිපිය හා බැඳේ.

දැනට අප මාතෘභූමියෙහි උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇත.

එකී කරුණු සැලකිල්ලට ගෙන ඉහත ලිපියෙහි සඳහන් පරිදි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ඔබතුමා විසින් කර ඇති ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව මෙයින් ඔබට ගෞරවයෙන් දන්වා සිටිමි.''

WhatsApp Image 2022 08 03 at 5.25.58 PM
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය