රාජපක්ෂවරුන් විසින් පසුගිය වසරේ (2018) ඔක්තෝම්බර් මස 26 දා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කුමන්ත්‍රකාරී ලෙස කොල්ලකෑමේ සිද්ධියට ලබන සෙනසුරාදා දිනට

(26) වසරක් සපිරෙන අතර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එම අඳුරුතම දිනය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට බහුජන සංවිධාන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු ජනතා වරමින් පත්වූ ආණ්ඩුවක් පළමු වරට කුමන්ත්‍රණකාරී ලෙස කොල්ලකනු ලැබු එදින 'කළු ඔක්තෝම්බරය' ලෙස ඉතිහාසයට එක්වේ.

ඔක්තෝම්බර් 26  සිදුවූ එම කුමන්ත්‍රණය පරදවා යළි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ජීවිතය පරදුවට තබමින් සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ කතානායක කරු ජයසූරියට උපහාරයක් සිදු කිරීමටද සිවිල් සංවිධාන කිහිපයක් කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

ඒ අතර මෙම අඳුරුතම දින 52 යළි සිහිපත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය වලදැමූ 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සපිරෙන 26දා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් 'අඳුරු යුගය නිසැකවම නිමාකරන අදිටන 'පහන් පෙළහර' නමින් වැඩසටහනක් සංවිධානය කර තිබේ.

ඔක්තෝම්බර් මස 26 දා සවස 6.00ට නිදහස් චතුරස්‍රයෙදී එම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 104833641 cf4d7685 5696 46ff 8aa0 14860671ae3e
මහින්ද අගමැති ලෙස දිව්රුම් දෙන අවස්ථාව

රාජපක්ෂ පවුලේ බලපෑම මත 2018 ඔක්තෝම්බර් 26 දා මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය.

කෙසේවුවද තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  නොවැම්බර් 09 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

ඒ අනුව, නොවැම්බර් 09 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.

එමෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.

බල තන්හාව සහ නඩුවලට ඇති බිය :

තම පවුලේ සාමාජිකයින් වෙත එල්ලවී තිබු නඩු හබ වලින් ගැලවීම සඳහා එසේ නිත්‍යානුකුල අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර, කුමන්ත්‍රණකාරී ලෙස බලය උදුරාගැනීමට කටයුතු කළ රාජපක්ෂවරුන් දින 52ක් පුරා නීති විරෝධිලෙස එම පාලනය පවත්වාගෙන ගියේ ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්මයන් හෝ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ විරෝධයන් ද කිසිඳු ලෙසකින් නොතකමින් ඒකාධිපති ආකාරයෙනි.

කෙසේවුවද පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය එම අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නිර්භීතව මැදිහත්වීමත් අධිකරණයේ අපක්ෂපාතිත්වයත් හමුවේ දින 52කට පසු ආණ්ඩු බලය අතහැරීමට රාජපක්ෂවරුන්ට සිදුවිය.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පස් වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2018 දෙසැම්බර් 16 දා දිවුරුම් දුන්නේය.

 104833993 bcd4269e a8e6 4631 8865 c5499e66da11
රනිල් යලි අගමැති ලෙස දිව්රුම් දෙන අවස්ථාව

සජිත් 10 පාරක් ම අගමැතිකම ප්‍රතික්ශේප කරයි:

රාජපක්ෂවරුන් බලලොභිත්වයෙන් යුතුව මෙසේ ජනතා වරමින් පත්වූ ආණ්ඩුවක් කුමන්ත්‍රණකාරී ලෙස කොල්ලකද්දී අනාවරනයවූ වැදගත්ම දේශපාලනික කාරණය වන්නේ, ජනාධිපතිවරයා විසින් අගමැතිකම බාර ගන්නා ලෙස කරු ජයසුරිය ගෙන් හා සජිත් ප්‍රේමදාස ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් ඔවුන් දෙදෙනා ම ප්‍රතික්ෂේප කර තිබීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කාරණය ජනතාව හමුවේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

තමන් 10 වතාවක් අගමැතිකම ප්‍රතික්ශේප කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස 2018 නොවැම්බර් මස 28දා පැවසිය.

හෙතෙම බව කියා සිටියේ, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලුම පළාත් පාලන නියෝජිතයන් අරලියගහ මන්දිරයට රැස්වූ අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමිනි.

karu sajith 1000px

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රේමදාස මෙසේද පැවසිය.

”අපේ පක්ෂය ඉතා සමඟිව ඉන්නවා. ඔය කූට උපක්‍රමවලට අපි රැවටෙන්නේ නෑ. මතක තියාගන්න කරු ජයසූරිය මහතා 13න් වතවක් අගමැති කම ප්‍රතික්ෂේප කළා. මේ සජිත් ප්‍රේමදාස 10 වතාවක් අගමැති කම ප්‍රත්ක්ෂේප කළා. මතක තියාගන්න අපි ගහන ගේමක් මේ පක්ෂය තුළ සිටයි ගහන්නේ. එළියට ගිහින් අපි ගේම් ගහන්නේ නෑ.”

මේ අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්