අරගලය ගැන සිය Instagram ගිණුම ඔස්සේ ලෝකයට කියූ බ්‍රිතාන්‍ය තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය

ආගමන විගමන නිලධාරීන් භාරයට ගත්තේ ඇයි?

මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

aaa2aaa3

එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?

අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර පැවසුවේ වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගත් බවයි.

ඒ අනුව දින හතක් ඇතුළත අගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැණුම් දී තිබේ.

"වීසා එකක් දෙන්නේ ඒ කොන්දේසි මත වැඩ කරන්න පමණයි. ඒ කොන්දේසි උල්ලංඝණය කරන්න බැහැනේ" ඇය සඳහන් කළාය.

කිලී ෆීසර් ගෝල්ෆේස් අරගල පිළිබදව වීඩියෝ සහ ඡායාරූප සිය Instagram ගිණුම ඔස්සේ පළකර තිබුණි.


kilyකිලී ෆීසර්ගේ Instagram ගිණුම

 

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විමර්ශන වලින් අනතුරුව මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිලී ෆීසර් නවාතැන්ගෙන සිටින නිවහන වෙත ගොස් විමර්ශන කරන අයුරුද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.

එහිදී ඇය ප්‍රශ්නකර සිටියේ මෙරට ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ විරෝධතාවයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතාකිරීම වරදක්ද යනුවෙනි
 


ජන අරගලයට විදේශිකයන් ද එක්වෙයි ''GO HOME GOTA...GO TO GO TO GO''

(BBC සිංහල සේවය )

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්