මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රනය අතර සංහිඳියා ක්‍රියාවලියක්

ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී ඇතැයි අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් අවධරණය කර සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එබව සඳහන් කරමින් ලිපියක් යොමුකර ඇත්තේ Black Cap Movement සංවිධානයයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය සිවිල් සමාජමය මැදිහත්වීම සිදුකිරීමට සාමකාමී විරෝධතා සංවිධානයක් ලෙස Black Cap Movement සුදානම් බවත් ඒ වෙනුවෙන් නිසි අවධානය යොමු කරන ලෙසත් එම සංවිධානයේ සම කැඳවුම්කරු, විමුක්ති දුෂාන්ත විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපතිධූරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්දයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. නමුත් එම මහඟු අවස්ථාව යුද්ධය අවසාන සමය් බලයෙ සිටි දේශපාලන නායකත්වයන් විසින් මඟහරවා ගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ සිදුවූ ඓතිහාසික ජන නැගිටීම හේතුවෙන් මෙරට පැහැදිලි දේශපාලන පරිවර්තනයකට මේ මොහොතේ අවස්ථාව උදා වී තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් මෙම ජන නැගිටීමට සම්බන්ධ වූ අහිංසක, නිරායුද පුරවැසියන් ද දරුණු ලෙස මර්ධනයට ලක් වෙමින් තිබීමයි.

mmx



අරගලකරුවන් වෙනුවෙන් විශේෂ කාර්යංශයක්

සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගොස්තු 03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

"මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා." ඔහු පැවසීය.



"නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි." ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අද අවධාරණය කළේය.



"මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා."

මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්