ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (03) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

පිළිබද සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී එම දින තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තෙදින විවාදයක් ලබා දෙන ලෙස ඇතැම් පක්ෂ නායකයන් විසින් සිදු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා ප.ව 1.00 ට රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා විවාදය පැවැත්වේ.

එසේම ලබන 10 සහ 12 යන දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

එසේම මෙම විවාදය සභාව කල්තැබීමේ විවාදයක් බැවින් විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බවද මහලේකම්වරයා සදහන් කරයි.

2022 වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත (අයවැය) සදහා ඉදිරිපත් කෙරෙන සංශෝධන පනත් කෙටුම්පත ලබන 9 වැනිදා ද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 10 වැනිදා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි.

09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අගෝස්තු 3 වැනි බදාදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබු අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඔහු  සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්