දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනියි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2 ට පැවති අවසන් තරගයේදී යුපුන් අබේකෝන් තත්පර 10.14 කින් තරගය නිමාකරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්විය.


Team 2022
එහි රන් පදක්කම තත්පර 10.02 කින් තරගය නිම කළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන්යල හිමිකරගත් අතර රිදී පදක්කම දිනාගත්තේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින් විසිනි. ඔහු වාර්තා කළ කාලය තත්පර 10.13කි.

මීට පෙර අගෝස්තු 3 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.40ට ආරම්භ කළ මීටර් 100 ඉසව්වේ තෙවැනි අවසන් පුර්ව වටයේදී ඔහු තත්පර 10.20 කින් තරගය නිමා කළ අතර එහි සිව්වැනි ස්ථානය හිමිකරගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබුවේය.




 ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. ඔහුට පළමු සුබ පැතුම එක් කළේ, 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සමගාමී ව පැවැත්වෙන පැරා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් පාලිත හලගහවෙලගෙදර විසින් වීම විශේෂත්වයකි.




මීටර් 100 ඉසව්වේ මුලික වටයේ හයවන තරගයේදී ඔහු පළමුවෙනියා ලෙස තරගය නිමා කළේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් අතරින් හොඳම කාලයක් වාර්තා කරමිනි. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 10.06කි.

ජැමෙයිකාව ඇතුළු කොදෙව් දූපත් ක්‍රීඩකයින් මීටර් 100 ඉසව්වේදී සිය ආධිපත්‍ය ඉතිහාසය පුරාවටම පතුරුවා තිබෙන නමුත් යුපුන් මෙවර මෙම තරගාවලියට එක්වුයේ සූරිච්හිදී පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේදී තප්පර 9.96ක කාලයක් වාර්තා කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 23වන ස්ථානයේ පසුවෙමිනි. ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසද කිරුළ දරා සිටියි.

Yupun Abeykoon 100m final
මේ අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට බර ඉසිලීමේ ක්‍රීඩා ඩිලංක ඉසුරු කුමාරට හැකි විය. ඒ කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ තරග ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

ඔහු මෙම පදක්කම දිනාගත්තේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 225ක බරක් ඔසවමිනි.

මේ අතර ඊයේ දිනයේදී පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම් ලාභියෙකු වන චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 81 බර පංතියෙන් බර ඉසිලීමේ ඉසව්වකට එක් වූ අතර ඔහුට හිමි වුනේ 9වන ස්ථානයයි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රිදී පදක්කම් ලාභියෙකු වන ඉන්දික දිසානායකද කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් බර ඉසිලීමේ ඉසව්වකට එක් වූ අතර ඔහු තරගය අවසන් කිරීමට අසමත් විය.

අවසන් වරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගත් බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර ඊයේ රාත්‍රියේදී තරග බිමට පිවිසුන අතර ඔහු කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෙකු හමුවේ තරග වට 5-0ක් ලෙස පරාජය විය.

කිලෝ ග්‍රෑම් 57 ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයට එක් වූ ජීවන්ත නිස්සංක එහිදී තරග වට 5-0ක් ලෙස ගයනා ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුනේ තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බොඳ කරමිනි.

මීට අමතරව මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් ගයන්තික අබේරත්නද ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 7.15ට තරග බිමට පිවිසීමට නියමිතය.

එමෙන්ම මීටර් 400 ඉසව්වේ මුලික වටයේ තරගයකට කාලිංග කුමාරගේ අද සහභාගී වීමට නියමිත අතර ඔහුගේ මුලික වටයේ තරග සවස 4.50ට අරම්භවීමට නියමිතය.



පාලිතගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...



ph1

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සමගාමී ව පැවැත්වෙන පැරා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ජයග්‍රහණය කර ඇත. එම පදක්කම දිනා ගත්තේ, පාලිත හලගහවෙලගෙදර විසිනි.

පිරිමි කවපෙත්ත විසිකිරීමේ (පැරා) ඉසව්ව වෙනුවෙන් ඔහු එම රිදී පදක්කම දිනා ගනු ලැබිය.

පාලිත හලගහවෙලගෙදර දැක්වූ දක්ෂතාව සටහන් වුණේ මීටර් 44.20ක් ලෙසිනි.


Cost and benefits of staging 2022 Commonwealth Games in Birmingham 696x464

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පසුගිය දා ආරම්භ වුනේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ 22වෙනි තරගාවලියේ ආරම්භය සටහන් කරමිනි.

බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රටවල් එක්වන මේ තරගාවලියට මේවර රටවල් 74කින් ක්‍රීඩක ක්‍රීඩකයෝ 5054 ක් එක්‌වී සිටින අතර ඔවුන් පදක්කම් 280ක් සඳහා තරග වදිනු ඇත.

ක්‍රීඩා 20කට ඉසව් 280 ක් නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් තරගාවලියට එක්වෙති. ඊට අමතරව නිලධාරීන් 52දෙදෙනෙක්ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙවර තරගාවලියට එක්වී සිටිති.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්