ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කර ඇති

අදහසට තම සංවිධානය ද එකඟ බව 'යුතුකම' ජාතික සංවිධානය පවසයි.

යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්, එහි සභාපති ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අගෝස්තු 01දා යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 11 එකමුතුව නියෝජනය කරන 'යුතුකම' සංවිධානය ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.

''ඇත්ත වශයෙන් ම නොපමාව සර්වපාක්ෂික රජයක් පිහිටුවන ලෙස අප 'යුතුකම' ජාතික සංවිධානය ඇතුලු ස්වාධීන පක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෙන් ද, ඔබතුමා අගමැති ධූරයේ වගකීම් බාරගත් විට ඔබතුමා ගෙන් ද ඉල්ලා සිටි බව ඔබතුමා ද දන්නා කරුණකි.

ඒ සර්වපාක්ෂික රජය පිහිටුවීම සඳහා  පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන්නා වූ සියලු දේශපාලන පක්ෂවල හා කණ්ඩායම්වල නායක හමුවක් කැඳවීමට ඔබතුමා නොපමාව පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු:

▪️මේ සර්වපාක්ෂික රජය අද රටවැසියා පෙළන මූලික දුෂ්කරතාවන් ගෙන් මුදවාගැනීම, ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මවුබිමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ මහාමැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඒ තාක් පත්වාගෙන යන්නක් විය යුතු ය.

▪️මේ පක්ෂ නායක ජාතික සභාව සර්වපාක්ෂික රජයේ ප්‍රතිපත්තිමය තීන්දුතීරණ ගන්නා සභාව විය යුතු ය. ඒ   ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම සංඛ්‍යාත්මක  ව කුඩා වූ ද, ජාතිය මුහුණ දෙන අභියෝගයන්ට අනුකූල වූ ද අමාත්‍ය මණ්ඩලය මඟින් සිදු කළ යුතු ය.

▪️පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා කණ්ඩායම්වල සර්වපාක්ෂික සාකච්ඡාවට අනුගාමී ව, ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ආදියෙහි, විශේෂයෙන් ම මෑත කාලයේ සක්‍රීය මැදිහත්වීම් කළ සංවිධානවල නියෝජිත සමුළුවක් කැඳවා අදහස් ලබාගැනීම හා එකඟතා ගොඩනඟා ගැනීම කළ යුතු ය.



අධිකරණ ඇමැතිතුමා විසින් ඉදිරිපත් කෙරී ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනය, වැඩිදියුණු කරන ලද 19 වන සංශෝධනයක් ලෙස අපි දකිමු. වසර ගණනාවක් පුරා අප රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ව සංවාද, වාද-විවාද බොහෝ කෙරී ඇති බැවින් අද අවශ්‍යව ඇත්තේ මේ සංශෝධනය නොපමාව සම්මත කරලීමට පියවර ගැනීම බව අප ගේ අදහස යි. එසේ කිරීම ඔබතුමා පිළිබඳ ව හා ඒ සඳහා එක්වන සියලු දේශපාලන පක්ෂ කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීමට හේතු වනු ඇත.


ඒ ව්‍යවස්ථා කෙටුම්පතට පහත කරුණු ද පොදු එකඟතාවය  මත එක් කළ හැකිනම්, ඒ පිළිබඳ ප්‍රසාදය තවදුරත් වැඩිදියුණු වනු ඇත:


▪️රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, ඒ ලෙස ම ජාතික සම්පත් හෝ රාජ්‍ය ආයතන හෝ පිළිබඳ ව විදේශීය ආයතන / රාජ්‍ය සමඟ ගිවිසුම්ගත වීමේ දී ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය අනිවාර්යය කිරීම.

▪️පනතකට කාරකසභා අවස්ථාවේ ගෙනඑන සංශෝධන ඉදිරිපත් කළ පනතට හා ව්‍යවස්ථාවට එකඟ දැ යි පනත සම්මත කර මසක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමැසීමට පුරවැසියන්ට අවස්ථාව ලබාදීම.



ඩොනමොර් ක්‍රමයේ දී මෙන් අමාත්‍ය ධුර, රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍ය ධුර නොදරන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම කිසියම් අමාත්‍යාංශයක් සම්බන්ධ විධායක කාරක සභාවකට අනුයුක්ත කිරීම පක්ෂ භේද ඉක්මවා කටයුතු කිරීමට ඉඩ සලසන වැදගත් යෝජනාවක් සේ අපි දකිමු.

 

දේශපාලන පක්ෂ බෙදීම් ඉක්මවා කටයුතු කෙරෙන, එලෙස ම පුරවැසියන්ට රටේ තීන්දු-තීරණවලට ඍජු දායකත්වයක් ලබා දිය හැකි දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින යුගයකට අප එළැඹ තිබේ. සර්වපාක්ෂික රජයට ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහා මෙන් ම, මේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ද පුරෝගාමී කාර්යභාරයක්  කිරීමට හැකිවනු ඇත.

 IMG 9578IMG 9579



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්