1200 x 80 DMirror

පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව

අරගලකරුවෝ අද (අගෝස්තු 04) අවධාරණය කළහ.

පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ.

කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ ඉදිකිරීම් සහ වගාවන් අගෝස්තු 05 වැනි වැනිදා පස්වරු පහට පෙර ඉවත් කළ යුතු බවට පොලීසිය ඊයේ අරගලකරුවන්ට දැනුම්දෙන ලදී.
 



අරගලකරුවන්ට ඉවත් වන්නැයි පොලිසිය යළිත් දැනුම්දෙයි


ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (05) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කළේය.

පොලිසිය මේ අයුරින් නිවේදනය කළේ දෙවන අවස්ථාව මෙය වන අතර ඊයේ (3) පස්වරුවේ මුල්වරට මේ අයුරින් ම නිවේදනය කළේය.

පොලිස් ත්‍රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් මෙම නිවේදනය කළේය.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය