අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී යැයි

මහජන සභාවේ සම සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මහජන සභාවේ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන බවත් වහා ම ජනාධිපතිවරයා හමු වී ඒ සඳහා වේලාව වෙන්කර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේ යැයි ද සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා හමුවීමට ජාතික සභාවේ නියෝජිතයන් සමග නීතිඥ සංගමයේ නියෝජිතයන් ද කැටුව යාමට බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ කීහ.

දිගින් දිගට ම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි වන බව ඊයේ (අගෝ. 4) පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන් බව ද සෝභිත හිමියෝ පැවසූහ.

රට වෙනුවෙන් කතා කළ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් බවත්, එම කතා බහ ජනාධිපතිවරයා සමඟ කරන්නට අවස්ථාව ලබා දෙන බව ඇමතිවරයා පොරොන්දු වූ බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සමග විටියල කවිධජ හිමියන් ඇතුළු පිරිසක් අමාත්‍යවරයා සමග සාකච්ඡාවට සහභාගි වී තිබේ.


'කළු තොප්පි කරුවෝ අද ජනපති හමුවේ !


අරගලය ආරම්භයේ සිටම එහි පාර්ශවකාර සංවිධානයක් ලෙස ක්‍රියාකාරීව සිටින 'කළු තොප්පි ව්‍යාපාරය' (Black Cap Movement ) අද (05) පෙරවරුවේ දී ජනාධිපතිවරයා හමුවී සංහිඳියා ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා එම සාකච්ජාව ලබාදී ඇත්තේ, එම සංවිධානය විසින් පෙරේදා (අගෝස්තු 03) ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි.

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රනය අතර සංහිඳියා ක්‍රියාවලියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී ඇතැයි Black Cap Movement සංවිධානය පෙරේදා (අගෝස්තු 03 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබිණ.


විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් !

ඉතිහාසය වෙනස් කරන්න ! - අරගලකරුවකු ගෙන් ජනපතිට විවෘත ලිපියක් !

'Black Cap' අරගල භූමියෙන් ඉවත්වේ : 'අරගලය 4.0' අරඹයි! 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්