ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් විශ්‍රාමික ලුතිනන් ජනරාල් කමල් ගුණරත්න වහාම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කිරීමට

තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් The Leader වෙත වාර්තාවේ.

තමාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරන බවට ගෝඨාබය රාජපක්ෂ පොරොන්දුවී ඇති බව කමල් ගුණරත්න විසින් පසුගියදා ඔහුගේ සමීපතම ව්‍යාපාරික මිතුරන් පිරිසක් සමග දොඩමලු වෙමින් පවසා තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද පසුගියදා ඔහුගේ දේශපාලන විග්‍රහයක ඒ සම්බන්ධයෙන් ඉඟි කර තිබුනේ මෙසේය.

''ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිනිස සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම හිටපු සොල්දාදුවන් 40 බැගින් එක් කර බලකායක් ගොඩ නගනු ඇති බවට ද වාර්තා පළ වී තිබේ. ඔහු බලයට පත් වුවහොත් ආරක්ෂක ලේකම්වරයා වනු ඇත්තේ ඔහුගේ ‘වියත් මඟ’ නම් සංවිධානයේ මූලිකයකු වන වර්ගවාදී හිටපු ජෙනරල්වරයකු යැයි ද කියනු ලැබේ.''

කෙසේවුවද මේ සම්බන්ධයෙන් The Leader කළ විමසීමකදී ගෝඨාබය රාජපක්ෂගේ සමීපතම මිතුරකු පැවසුයේ, ආරක්ෂක ලේකම් ලෙස පත්කරන්නේ කව්රුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි. '' ලේකම්ලා පත්කරන්න ඉස්සෙල්ල දිනලා ඉන්න එපැයි '' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්