43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හමුවීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපිය වෙනුවෙන් තමන් යැවූ පිළිතුරු ලිපියට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සාකච්ඡාවක් සඳහා 43 සේනාංකයට ආරාධනා කර ඇති බවත්, ඒ අනුව තමන් ඇතුළු 43 සේනාංකයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවීම සඳහා අද (05) යන බවත්, චම්පික මන්ත්‍රීවරයා පවසයි.
රණවක මන්ත්‍රීවරයාගේ උපන් දිනය ඊයේ (04) යෙදී තිබිණ. ඒ වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ජන්ම දිනය වෙනුවෙන් කොස් පැල හිටවයි
"මගේ ජන්ම දිනය වෙනුවෙන් සචිත් රණසිංහ මහත්මයා ඇතුළු අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරයේ කොස් ගස් හිටවන්න. ඉදිරියේ ඇතිවන ආහාර අර්බුදයට යම්කිසි හරි පුංචි විසඳුමක් කොළඹ නගරයේ ජනතාව අතරට ඇති කරන්නත් වඩාත්ම අවශ්‍ය අපේ ආහාර අපි හදාගමු කියන තේමාව දැන් රටට අවශ්‍යයි.
අපිට ආහාර පිටරටින් ගේන්න දැන් මුදල් නෑ. ඒ වගේම පොහොර තහනම් කරපු නිසා අපේ කෘෂිකර්මාන්තය බිඳ වැටුණා. ඉතින් අපේ ආහාර අපි හදාගමු කියන තේමාව රටට ඉතාම අවශ්‍යයි.
රටට අවශ්‍යයි තේමා 3 ක්. අපේ ආහාර අපි හදාගමු. අපේ බලශක්තිය විශේෂයෙන්ම අපේ පුනර්ජනනීය බලශක්තිය අපි වැඩි දියුණු කරගමු. ඒ වගේම අපේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරගමු කියන මේ තේමා තුන ඔස්සේ ඕනේ අපි මේ අර්බුදයෙන් ජයගන්න.
අද රට ඉතා සීඝ්රයෙන් ආර්ථිකය කඩා වැටෙමින් තියෙනවා. පසුගිය මාසෙට සාපේක්ෂව ඩීසල් භාවිතය 60%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා තියෙනවා ජුලි මාසේ වෙනකොට. පෙට්‍රල් භාවිතයත් 65%කින් විතර අඩු වෙලා තියෙනවා ජනවාරි මාසෙයි, ජූලි මාසයෙයි ගත්තම. විදුලිබල ඉල්ලුම 25%කින් පමණ කඩා වැටිලා තියෙනවා.
මේ හැම එකකින්ම පෙන්වන්නේ මොකක්ද?
ආර්ථිකය ඉතාම සීඝ්රයෙන් කඩා වැටෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා අහිමි වෙනවා. ආහාර නැතිකම, ඖෂධ නැතිකම විසින් විශාල අර්බුදයකට ඉදිරි කාලයේ යනවා.
දැන් වරදකාරයෝ කවුද කියලා අපි දන්නවා. හැබැයි ඒගොල්ලන්ට නෙවෙයි මේක පෙන්නලා දීපු මිනිස්සුන්ටයි, අද නීතිය ක්‍රියාත්මක කරමින්, දඬුවම් කරන්නේ. වෘත්තීය සමිති ක්රියාකාරිකයන්ට, සමාජ ක්රියාකාරිකයන්ට විරුද්ධව, ඒකට හේතුව ඉතාම පැහැදිලියි. අනාගතයේදී කරන්න සිදුකරන ප්‍රතිසංස්කරණ, හා අනෙකුත් දෑ වලට එරෙහිව නැඟිටින මහජන නැගිටීම්, පාලනය කිරීම තමයි, ඒකේ අරමුණ වෙන්නේ.
නමුත් අපි ධනාත්මකව නිතර හිතනවා. ඉතින් ඒක නිසා අපේ ආහාර අපි නිෂ්පාදනය කරගමු කියන තේමාව ඔස්සේ අපි මුළු රටම අවදි කරගත යුතු වෙනවා මේ අර්බුදයට මුහුණ දෙන්න. නැත්නම් අපේ දරුවෝ බඩගින්නේ මැරෙන තත්වයකට ඉදිරි මාස කිහිපය තුළ පත්වෙයි."
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රතිචාර දැක්වුයේ මෙසේයි.
ප්‍රශ්ණය :
වර්තමාන ජනාධිපතිවරයා පහුගිය හිටපු ජනාධිපතිවරයාට වඩා ඔහුගේ ජනාධිපති ධූරය තුළ තියෙන බලතල ලස්සනට පාවිච්චි කරනවා මොකක් හරි සංසන්දනාත්මක ස්වරූපයක් දකින්න පුළුවන්ද?
චම්පික :
නෑ හිටපු ජනාධිපති බලතල උපරිම විදියට පාවිච්චි පොහොර තහනම් කළා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්න නියෝග කළා. ඒවා උපරිම විදියට පාවිච්චි කළා. මතයක් ඇති කරලා තියෙනවා. එතුමා වෙඩි තියන්න නියෝග කළේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඒ ආපු මහජන කන්ද ඉදිරියේ මහා ජනකායගේ බලය ඉදිරියේ ආයුධ නිරායුධ වුණා මිසක්. වෙඩි තිබ්බා. මිනිස්සු තුවාල වුණා. එහෙම නැතුව අනුකම්පා, උපාදානය විදිහට ක්‍රියා කළේ නැහැ.
මේ 9 වෙනිදා නැවතත් අර වගේම විරෝධතාවයක් එනවා කියලා කියනවා. ඔබතුමන්ලා මොකක් හරි සංවිධානාත්මකව යමක් කරනවද?
චම්පික :
ඇත්තටම මර්දනයට විරුද්ධව යන අරගලයට අපි සහයෝගය දෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා කරපු කතාවේ ගොඩනගන්න බලාපොරොත්තු වෙන සර්වපාක්ෂික පාලනයක් පිළිබඳ ලබාදුන්න ඡායා මාත්‍ර අදහසක්. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලනවා.
ප්‍රශ්ණය :
ඒ කියන්නේ ඔබතුමා සූදානම්ද ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවේ යම්කිසි තනතුරක් ගන්න සූදානම්ද?
චම්පික
ඒක ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න එපැයි. මේ රට මේ අගාධයට දාපු මේ පිරිස සමගම ඒ කැඳ හැළිය එක්කම ඒ ඒ පිරිස එක්කම ආණ්ඩුකරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රශ්ණය රටට කියලා දීපු සමාජ ක්රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයින් වැනි අය මර්දනය කරන ගමන් ඒක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
ඔබතුමා කිව්ව මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ඒ සර්ව පාර්ෂික සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු එක ප්‍රායෝගික වෙනවා නම් හොඳයි කියන කතාවද? යෝජනා ටික හොඳයි කියන එකද?
චම්පික :
ප්‍රායෝගිකව ඉදිරිපත් කරලා තියෙන අදහස් අපි හිතනවා හොඳයි කියලා. විශේෂයෙන්ම
* ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්න පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සභාවක් ඇති කිරීම.
* ව්‍යවස්ථාවක් පිළිබඳ තීරණය ගන්න සමාජ ක්රියාකාරිකයන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ ජන සභාවක් ඇති කිරීම.
* පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම මේකට දායක වෙන්න පුළුවන් විදිහේ අධීක්ෂණ සභා පුළුල් කිරීම.
වැනි කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒවා නරක කාරණා නෙවෙයි. හැබැයි මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. ප්‍රායෝගිකව අපිට නම් පේන්නේ මේ පිළිබඳව හඬ නගපු විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා පොලිස් ඇමතිවරයා ක්‍රියාත්මක වෙන එක තමයි. ඉතින් ඒක අර කියන කතාත් එක්ක සම්පූර්ණයෙන් පටහැනියි.
ප්‍රශ්ණය :
ප්‍රායෝගිකව වෙනවා නම් ඒ කියපු කාරණාව?
චම්පික :
අපි ඒ ගැන බලනවා. අපි ඒ ගැන ඉතා විමසිල්ලෙන් බලන් ඉන්නවා. හැබැයි මේ මර්දනයට එරෙහිව කරන අරගලයට අපේ සම්පූර්ණ ශක්තිය සහයෝගය ලබා දෙනවා. මොකද මේ රට බංකොලොත් කරපු හොරු රංචු මේ රටේත් පිටරටත් තමන්ගේ ධනය හංගගෙන ඉන්න අතරේ මේ ගැන හඬ නගපු මිනිස්සුන්ට අත තියන්න කිසිම පාලකයෙකුට අයිතියක් නෑ.
ප්‍රශ්ණය :
හෙට සමගි ජන බලවේගයත් එක්ක ජනාධිපතිවරයාගේ මොකක් හරි එකකට එන්න කියලා කතාවක් තියෙනවද? ඔබතුමා ඒකට සහභාගි වෙනවාද?
චම්පික :
මට සහ අපේ 43 සේනාංකයට ජනාධිපතිතුමා වෙනම ආරාධනාවක් කරලා තියෙනවා. අපි ඒ අනුව යනවා.
ප්‍රශ්ණය :
එතුමා ඔබතුමාට වෙනම ආරාධනාවක් කරලා තියෙනවා කියන්නේ මොකක් හරි වෙන වැඩක්ද?
චම්පික :
නෑ වෙන වැඩක් නෙමෙයි. සජබෙන් තමයි අපි ඡන්දේ ඉල්ලුවේ. ඒ අයත් එක්ක අවබෝධතා ගිවිසුමකින්. ඉතින් සජබෙ ගන්න ක්‍රියාමාර්ග දිහා බලලා ඒවා අපට පක්ෂපාතී වෙන්න පුළුවන් දේවල් වලට අපි පක්ෂපාතී වෙනවා. අපි විරුද්ධව යන්නේ නෑ. ඒ අතරේ අපි ස්වාධීනව කටයුතු කරනවා. ඒ අනුව ස්වාධීනව අපිට එන්න කියලා තියෙනවා ජනාධිපතිතුමා. අපි ඒ අනුව ඒකට යනවා.
ප්‍රශ්ණය :
ඒ කියන්නේ සජබ එක්ක ගමනක් නෑ වගේද ඔය කියන්නේ?
චම්පික :
නෑ නෑ ඉතින් ඒක අපි ප්‍රකාශ කළානේ. අපේ ස්වාධීනත්වය. සමගි ජන බලවේගයේ ගමනක් යනවා. ඒකට සහයෝගය දෙන්න පුළුවන්. එකඟ වෙන්න පුළුවන් අවස්ථාවලදී අපි එකඟ වෙනවා. තාම එහෙම ප්‍රශ්ණයක් අපිට මතුවෙලා නෑ. ඒ අතරේ අපි ස්වාධීන ගමනක් යනවා.
ප්‍රශ්ණය :
එතකොට සජබට එන්න කියපු වෙලාවේ ඒකට ඔබතුමාලා ඒ ඒ කට්ටියත් එක්ක ඉන්න කණ්ඩායම ඒකට සහභාගී වෙන්නේ නෑ?
චම්පික :
ඒකට සහභාගී වෙන්න මට විතරක් නෙවෙයි. වෙනත් අයටත් එන්න කියලා තියෙනවනේ මේ සමගි ජන බලවේගයෙන් ඡන්දේ ඉල්ලපු මනෝ ගනේෂන්, රවුෆ් හකීම් මහත්තයලට, වෙනත් පක්ෂවල අයට එන්න කියලා තියෙනවනේ. ඉතින් ඒවා මං හිතන්නේ හොඳයි එහෙම හැමෝම ගනුදෙනු කරන එක.
ප්‍රශ්ණය:
ඒ කියන්නේ සාකච්ඡාවෙන් පස්සේ ඇමති ආරාධනාවකුත් ලැබෙයි නේ?
චම්පික :
නෑ අපි ඒ ගැන එහෙම හිතන්නේ නෑ.