අරගලයේ පාර්ශවකාර සංවිධාන කිහිපයක් ම අද (05) දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත.



ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනය මත  Black Cap Movement, ලිබරල් සහෝදරත්වය (Liberal fellowship) සහ 'සර්වපාක්ෂික අරගලකරුවෝ' ඇතුළු අරගලයේ පාර්ශ්වකාර සංවිධාන කිහිපයක් ම අද දිනයේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඇත.

අද (05දා) පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා තම සංවිධානයට ද ආරාධනයක් ලැබී ඇතැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

 

පවතින තත්ත්වයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ⁣ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බැවිනුත්, ඔහු සිය රාජාසන කතාවේදී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ අප සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනා කරන ලද විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ඇතුළත්ව තීබීමත් සාධනීයව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළෙමු.

 

එහිදී අප සංවිධානයක් වශයෙන් අපගේ යෝජනාවලියට අමතරව පහත සඳහන් කරුණු තුන ජනාධිපතිවරයාගේ වි⁣ශේෂ අවධානයට යොමු කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිමු.


01). ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කිරීම.

020. සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලීම.

03). අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම්ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේපවීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබානොදීම.



එමෙන්ම උක්ත සාකච්ඡාවට සහභාගි වීම හරහා අප ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සංවිධානයක් වශයෙන් කිසිදු සූදානමක් නොමැති බවත්, එහෙත් සාමකාමී පොදුජන අරගලයේ ඉල්ලීම් ජනතාවට සහ රටට දිනාදීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස අප දායක වන බවට වන සලකුණු සටහන් කිරීමත් පමණක් මෙහිදී සිදු කෙරෙන බවද අවධාරණය කරමු.

තවද ඉදිරියටත් ස්වාධීන පාර්ශ්වයක් ලෙස අපගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්, අරගලය මූලික කොට ඉදිරිපත් කළ යෝජනා සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවිධානයක් ලෙස සක්‍රියව  දායක වන බවත්, අරගලයේ මුල සිටම අප විශ්වාස කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා රටට අවශ්‍ය වෙනස දිනාගැනීම සඳහා මැදිහත් වන බවත් සිහිපත් කරමු.

(සර්වපාක්ෂික අරගලකරුවෝ)


Black Cap Movement ඉල්ලීමට ජනපති ප්‍රතිචාර


පෙරේදා (02) Black Cap ovement සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අරගලකරුවන් සහ රජය අතර සංහිඳියා ක්‍රියාවලියක් සඳහා ඉල්ලිමක් යොමු කළ අතර ඊට ජනාධිපතිවරයා ගෙන් ප්‍රතිචාර ලැබී තිබේ.

ඒ අනුව එම යෝජනාව පිළිබඳව ජනාධිපතිවරයා සහ Black Cap Movement ඇතුළු තවත් සංවිධාන කිහිපයක් අතර අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වේ.

ලිබරල් සහෝදරත්වය (Liberal fellowship) සහ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන අනෙකුත් සංවිධාන වේ.


සබැඳි පුවත් :


අරගලකරුවන්ට 'පොදු සමාවක්' !!! - 'කළු තොප්පි කරුවෝ ජනපති හමුවේ !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්