ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වේ.



අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වේ.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සදහන් කළේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳව එකඟත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර ඊයේ දිනයේ ද සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරතවූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ බාධා කිරිමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සිය සහාය ලබාදිය යුතු බවය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්