ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂට

එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ නඩුව පසුගියදා එම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම පිලිබඳ පුවත වාර්තා කිරීමේදී CEYLON TODAY සහ 'මව්බිම' පුවත්පත් මාධ්‍ය සදාචාරය මුළුමනින්ම කඩකර ඇත.

ඒ, මෙම පුවත්පත් ඊයේ (23) දිනයේ හිතාමතාම අහිම්සා වික්‍රමතුංග මහත්මියගේ ඡායාරූපයක් නින්දා සහගත හා අපහාසාත්මක ලෙස විකෘති කරමින් පළ කරමිනි.

මුල් ඡායාරූපය දක්වන්නේ ඇයගේ පියා වූ දිවංගත ලසන්ත වික්‍රමතුංගගේ රාමුගත පින්තූරයක් තබා තිබීමකි. මව්බිම සහ සිලෝන් ටුඩේ හි මුල් පිටුවල පළ වූ උපමාරු රූපය වික්‍රමතුංගගේ දර්ශනය ඉවත්කර එය වෙනුවට ඇයට අහිතකර වූ ඇමරිකානු අධිකරණ තීන්දුවේ පිටපතක් උපුටා දක්වා ඇත.

maubima p

අහිම්සා වික්‍රමතුංගගේ ක්‍රියාමාර්ගය යමෙකුට ගෝචර නොවුවද මාධ්‍යය වෘත්තියේ නියුතු යම් පුද්ගලයකු පැහැරගැනීම්, වදහිංසා පැමිණවීම් හෝ මිනීමැරුම්වලට ලක්වූ වෘත්තිකයින්ගේ සහ ඔවුන්ගේ ඥාතීන් විසින් යුක්තිය පසිඳලීම හා සම්බන්ධව කරුණු වාර්තා කිරීමේදී ඉහළම ආචාර ධර්ම ප්‍රමිතීන්ට ගරු කිරීම සියලු මාධ්‍යවේදීන්ගේ වගකීමක් හා යුතුකමක් වනු ඇත.

z p04 Ex Defence

මුල් ඡායාරූපය

අහිම්සාගෙන් අභියාචනයක් !

ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුවට අදාළව දුන් තීන්දුවේ දැක්වෙන්නේ, නඩුව නිෂ්ප්‍රභ කරන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන බවය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග පැවසූ බව සාධාරණත්වය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (Center for Justice and Accountability) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 නඩුව නිෂ්ප්‍රභ කළේ ඇයි?

 නඩුව නිෂ්ප්‍රභ කිරීමට හේතු කිහිපයක් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය සිය නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

   1-  විත්තිකරු අදාළ කාලය තුළ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබීම නිසා පොදු නීතියේ මූලධර්ම යටතේ විදේශීය නිලධාරී මුක්තිය හිමි වීම.
   
    2- ඔහු 2003 වසරේදී ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇතත් විත්තිකරු ඉන් ඉවත් වූ බව විත්තිකාර පාර්ශවය පැවසීම. ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් දෙපාර්ශවය මත දෙකක් ඉදිරිපත් කර ඇති බව ද එහි දැක්වේ.

    3 -ලසන්ත වික්‍රමතුංග ඝාතනයට විත්තිකරු සෘජුව සම්බන්ධ බවට පැමිණිලි පාර්ශවය කරුණු දක්වා නොතිබීම.
   
    4- නඩුවට අදාළ චෝදනා රාජ්‍යයකටම බලපාන චෝදනා ලෙස පිළිගත නොහැකි වීම.

ඒ අනුව, නඩුවේ විෂය කරුණු අනුව එය ඉදිරියට ගෙන යාමට කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට බලයක් නොමැති බව අධිකරණයේ ස්ථාවරය වී තිබේ.

 අහිම්සා වික්‍රමතුංගගේ ප්‍රතිචාරය

 "මගේ පියා වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න වගේ ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම අවසන් කරන්න මගේ පවුල ගෙන යන දීර්ඝ කාලීන සටනේ කනගාටුදායක අවස්ථාවක් මේක. මගේ තාත්තා මහ පාරේ කෲර ලෙස ඝාතනය වුණේ, එයාගේ කාර්යාලය වෙත යමින් සිටිද්දී. තමන් ලියන වාර්තා නිසා මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීම නිල රාජ්‍ය ක්‍රියාවක් විදිහට සිදුවිය යුතු නැහැ. මේ වැරදිකරුවන්ට යුක්තියෙන් ගැලවී යා නොහැකි බවට සහතික වීම සඳහා මමත් මගේ නීතිඥවරුත් මේ සටන දිගටම ගෙනියනවා," සාධාරණත්වය සහ වගවීම පිළිබද මධ්‍යස්ථානය වෙත අදහස් දක්වමින් අහිම්සා වික්‍රමතුංග පවසා තිබිණි.

අහිම්සා වික්‍රමතුංගගේ නීතිඥ නටාලී එල් රීඩ් පවසා තිබුණේ, "ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම සඳහා රජයේ නිලධාරීන් තම අධිකාරියෙන් පිටත කටයුතු කරන විට කිසිම මුක්තියක් නැහැ. එක්සත් ජනපද පුරවැසියෙකු වන විත්තිකරු රාජපක්ෂ එක්සත් ජනපද අධිකරණවලට වගකිව යුතුයි," යනුවෙනි.

twiter

 අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රතිචාරය:

 නඩු තීන්දුව ගැන ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ අදාළ චෝදනාවලට නිවැරදිකරු යයි අධිකරණය තීන්දු කොට නොමැති බවය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරන අමාත්‍යවරයා, එමෙන්ම ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ද මතභේදයක් පවතින බවත් පෙන්වා දී තිබේ.

sri lanka 50137250ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවය ඉදිරිපත් කළ තර්ක:

tharka මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෙකුව සිටි බැවින් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන අධිකරණ විමර්ශනයකදී තමන්ට රාජ්‍ය නිලධාරියෙකුට හිමි මුක්තිය හිමි වන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබිණි.

පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඒ බව දැනුම් දී තිබුණේ, සිය නීතිවේදීන් මාර්ගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමිනි.

සිය පියා ඝාතනය කිරීමට "කුමන්ත්‍රණය කිරීම, සහය දීම සහ/හෝ අනුබල දීම" සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ නියෝග දීමේ වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාගේ දියණිය, අහිම්සා වික්‍රමතුංග, කැලිෆෝනියා අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබූ නඩුවට අදාළව තර්ක ඉදිරිපත් කරමින් විත්තිකාර පාර්ශවය එම අදහස් පළ කළේය.

සිය සේවාදායකයා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව ද ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු අවධාරණය කළහ.

ලසන්ත ඝාතනයේ පසුබිම:

 109322931 b7ccdb35 0494 41db 9fcb 1d96e7f96857

 # 2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.

# 2010 පෙබරවාරි 26 - ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

# 2010 පෙබරවාරි 26 - එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

# 2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.

# 2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

# 2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා අධිකරණය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.

# 2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

# 2015 ජනවාරි 10 - බලයට පත්වූ නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය.

# 2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

# 2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.

# 2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.

# 2016 ජුලි 16 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

# 2016 ජුලි 27 - අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ලසන්ත ඝාතනයෙන් පසු දිනක තමන්ට තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

# 2016 සැප්තැම්බර් 27 - නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැණින.

# 2016 ඔක්තෝබර් 16 - "ලසන්ත ඝාතනය කළේ මම, එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න," සිය දිවි නසාගත් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකුගේ සාක්කුවේ තිබූ ලිපියක සඳහන් විය. නමුත්, මෙය පරීක්ෂණ නොමග යැවීමට කළ උපක්‍රමයක් බව පොලීසිය සැක කළේය.

# 2016 දෙසැම්බර් 21 - ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති වූ සුහද කතාබහක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.

# 2017 ජනවාරි 21 - ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

# 2017 මාර්තු 20 - ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

# 2017 මාර්තු 20 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

# 2017 මාර්තු 27 - විදේශ මාධ්‍යවේදීන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් චෝදනා කළේ සරත් ෆොන්සේකාට බව පැවසීය.

# 2018 ජනවාරි 18 - ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. පරීක්ෂණයට අදාළව මේ වනවිට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

# 2018 පෙබරවාරි 2 - ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත අත්අඩංගුවට පත් විය.

# 2018 පෙබරවාරි 14 - සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර ද අත්අඩංගුවට පත්වුණේය.

# 2018 පෙබරවාරි 21 - ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරීක්ෂණ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය.

# 2018 මාර්තු 30 - ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

# 2018 ජුලි 2 - හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.

# 2018 නොවැම්බර් 18 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීමෙන් අනතුරුව දින කිහිපයක් තුළදී අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.

# 2018 නොවැම්බර් 20 - ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.

# 2019 අප්‍රේල් - සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළාය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්