දෙමළ ජනතාවට එරෙහි යුද අපරාධ ඇතුළු දෙමළ ජනතාවට පීඩා පැමිණවූ ආණ්ඩු කිහිපයකම

අමාත්‍ය ධුර දැරූ ඩග්ලස් දේවානන්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම සඳහා ඉල්ලීම් දහයක් ඉදිරිපත් කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය පළ කරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (EPDP) නායක, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යෝජනා කරන්නේ රටේ ආර්ථික තත්වය නගා සිටුවමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලගන්වමින්, පාර්ලිමේන්තු කොමිටි නැවත පිහිටුවමින් ගන්නා වෑයමට අමතරව මෙම ඉල්ලීම් දහය ගැන ද අවධානය යොමු කරන ලෙසයි.



EPDP නායකයා ඉදිරිපත් කරන යෝජනා බොහොමයක් දෙමළ ජාතිකවාදී පක්ෂ ඇතුළු යුද පීඩිත උතුරු නැගෙනහිර ජනතාව විසින් කිසිදු ප්‍රතිපලයක් නොලැබ ආණ්ඩු කිහිපයකටම ඉදිරිපත් කරන ලද ඒවාය. රනිල් වික්‍රමසිංහ ඉන් එක ආණ්ඩුවක අගමැති ධුයද දැරුවෙකි.



1- පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සැකසීම,

2- 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කිරීම හා එය නිසි පරිදි සිදු වන්නේද යන්න සොයා බැලීමට නිරීක්ෂණ කොමිටියක් පත් කිරීම,

3- ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,

4- උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටින පෞද්ගලික හිමිකරුවන්ට අයත් ඉඩම් නිදහස් කිරීම,

5- කෘෂි වගාබිම්, තණ බිම්, හා මිරිදිය මත්ස්‍ය වගාවට යොදා ගන්නා ජලාශ ආදිය වන සංරක්ෂණ පණත යටතේ පවරා ගෙන ඇති බැවින් ඒවා යළි පරිශීලනය කර ඒ ඒ කර්මාන්ත සඳහා ලබා දීම,

6- උතුරු නැගෙනහිර පළාත් වල පිහිටි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශ සංරක්ෂණය කිරීමේදී හා අදාළ ගැසට් නියෝග ප්‍රකාශයට පත් කිරීමේදී ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් දැනුවත් කිරීම,

7- ආරක්ෂක හමුදාවේ හා පොලිසියේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී ජන අනුපාතයට අනුව ක්‍රියා කිරීම,

8- රාජ්‍ය උත්සව අවස්ථාවන්හිදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කිරීම,

9- ලංකාව තුල තහනමට ලක් කර තිබෙන දෙමළ ඩයස්පෝරා හා මුස්ලිම් සංවිධාන වල එකී තහනම ඉවත් කිරීම සහ  

10- විදේශයන්හි ජිවත්වන හා වෘත්තියන්හි නියැලී වයස අවුරුදු 18 සම්පුර්ණ  කළ සියලු ලාංකිකයන්ට මැතිවරණවලදී ජන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිදි නීති රීති සම්පාදනය කිරීම ඇතුළු ඉල්ලීම් දහය අමාත්‍ය දේවානන්දා විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබා දී ඇත.

දෙමළ ජාතික සන්ධානයද මේ හා සමාන ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. 

 
 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්