දේශපාලකයෝ ගිජුලිහිණි නොවි වැහිළිහිණියෝ විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසිය.
ඔහු එබව කියා සිටියේ, ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඊයේ (05) සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට එම කණ්ඩායමේ නායක ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියේය.
'' දේශපාලඥයෝ කියන්නේ ගිජුලිහිනියෝ විය යුතු නැහැ වැහිලිහිනියෝ විය යුතුයි. ගිජුලිහිනියෝ කියන්නේ මසට ලෝල් බැදලා මස් අරගෙන යන අය වැහිලිහිනියෝ කියන්නේ ඉස්සරහට එන වැස්ස ගැන වහින්න ඉස්සර ඇවිත් කියන. අය ඒ නිසා දේශපාලඥයෝ ගිජුලිහිනියන්ගෙන් ඉවත් වෙලා වැහිලිහිනියන් වගේ අනාගතය ගැන දකින්න ඕන කාලයකට අපි ඇවිල්ල ඉන්නෙ . '' ඔහු එහිදී කියා සිටියේය.
මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් මෙසේ සඳහන් කළේය.
ගන්න තීරණ මෙහෙම හිතල ගන්න:
'' අපේ රටේ දේශපාලනය ඉතාමත්ම තීරණාත්මක කාලයක් පසු කරමින් ඉන්නේ. ඒ වගේ වෙලාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ දේශපාලන සම්බන්ධතාවයක පළල් කතිකාවතක සංවාදයක හා මැදිහත් වීමක ඉන්න කෙනෙක් විදිහට මේ සම්බන්ධ කරුණක් අද ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි සිතුණා.
විශේෂයෙන්ම අපේ දේශපාලනය ඉතා බරපතල ගමන් මාර්ගයක තමයි යෙදිලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා හැටනම ලක්ෂයක් ජන්දය දීලා ගෙනාව ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව ට පිටින් යන්න වුණා. ඒ වගේම ඔහුට කැබිනට් මණ්ඩල 4ක් අගමැතිලා 2ක් දාන්න වුණා. ඒ සියල්ල අසාර්ථක වුනා කියලා අවශ්‍ය නම් තර්ක කරන්න පුලුවන්.
ඒ වගේම ජනාධිපති ධුරය ව්‍යවස්ථාවට පිටින් අයින් වුනාට පස්සේ තෝරාගත්ත පාර්ලිමේන්තුවකට අපි ගියා. ඒවගේම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රිවරයෙක් නොවන ජනාධිපතිවරෙයක් බහුතර ජන්දෙයන් පත්වෙලා තියෙනවා.
දැන් මෙතන මට මුලික වශයෙන් කියන්න තියෙන්නේ රටේ අර්ථික ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගරු ඇමතිතුමාලා ඒ ගැන කතා කරා.
නමුත් ආර්ථික ප්‍රශ්නයට වඩා බරපතල දේශපාලන ප්‍රශ්නයක් මෝදුවෙමින් තියෙනවා . ඒ කියන්නේ අපේ රටේ හැමදාම මේ දේශපාලන ප්‍රශ්න එනකොට ඒ එන විදිහ ගැන හරියට තේරුම් ගන්නේ නැති වුනාම විශාල ව්‍යසනයකින් තමා එය ඉවරවුනේ.
හුඟ දෙනෙක් තර්ක කරනවා ව්‍යවස්ථාව ඇතුලේ නෛතික යමක් කලාම ඒක පමනක් සැහෙනවයි කියලා.
දේශපාලනමය වශයෙන් එක සමාජයට ස්ථාපත කරවන්න මෙකට වචන දෙකක් භාවිතා කරනවා. එකක් නෛතිකභාවය (legality ) අනික, සුජාතභාවය ( legitimacy ).
යම් ක්‍රියාවලියක් ව්‍යවස්ථාවට අනුව කරන එක legality එක. ඒක නෛතිකයි. හැබැයි ව්‍යවස්ථාවට අනුව කරන ක්‍රියාව සමාජය තුල සුජාත භාවයක් ලබන්නේ legitamacy එකක් ලබන්නේ නැතිනම් ඒ තීරණයයි සමාජයයි අතර විරසකයක් නිර්මාණය වෙනවා.
මං ඉතාම හොද උදාහරණයක් කියන්නම්. 1982 තබන්නට තිබු මහමැතිවරණය තියන්නේ නැතිව ඒ වෙලාවේ හිටපු පාලනය ජනමතවිචාරනයක් තියන්න තීරණය කෙරුවා. මේක ඉතාම නීත්‍යානුකුලයි. ව්‍යවස්ථාවෙත් තියෙනවා එහෙම ඒවා කරන්න පුලුවන් කියලා. ඒ අනුව ජනාධිපතිවරයාට පුලුවන් අභිලාශයක් ක්‍රියාත්මක කරන්න. ජනමත විචාරණයක් හරහා යම් කිසි දෙයක් අහන්න. මොකක්ද ඔහු ඇහුවේ ? මේ තියෙන පාර්ලිමේන්තුවට තව වසර 06ක් ඉදිරියට ගෙනයාම කමක් නැතිද කියලා ජනතාවගෙන් ඇහුවා.
මේක නෛතිකව හරි. ජනතාව මේකට බොහෝ අය විරුද්ධ වුණා. ඒ වෙලාවේ අලුත් ආණ්ඩුවක් බලාපොරොත්තුවෙන් හිටපු බහුතර සමාජය විශාල අර්බුදයකට මේකෙන් ගියා. ඒ ජනමත විචාරනය නීත්‍යානුකුලව හරි. නීත්‍යානුකුලව එම ඡන්දය තියපු විදිහ වැරදි.
එක වෙනම කතාවක්. එක නෙවෙයි මම කියන්නේ. ඒ වෙලාවේ හිටපු මැතිවරණ කොමසාරිස් වෙනම වාර්තාවක් දුන්නා. නමුත් එම තීරනය නෛතිකව හරි. හැබැයි සමාජ තුල එකට කවදාවත් සුජාත භාවයක් ආවේ නෑ. අදටත් නෑ.
එනිසා මෙන්න මේකයි මම කියන්නේ සමහර වෙලාවට නෛතිකව හරි තීරණ නමුත් සමාජමය වශයෙන් සුජාත භාවයක් ලබන්න බැරි වුනාම විශාල ව්‍යවසනයකට දේශපාලනමය වශයෙන් රටක් ගමන් කරනවා. මේකෙ අපි ගිහිල්ලා තියෙනවා.
මං මේ වෙලාවෙ මතක්කරන්න ඕන 83 න් පස්සේ ආපු ඒ කාලය පුරාවට අර පාර්ලිමේන්තුවේ මතයක් අපට කියන්න බැරි වෙලාවේ අපට හිටපු එක හඩක් තමයි වර්තමාන අගමැතිතුමා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. එතුමා ඒ වෙලාවේ අපේ පැත්තේ ඉදලා මේ ප්‍රශ්නේ හඩනගලා කිවා.

මම හිතනනේ නැවත වතාවක් පසුගිය සති දෙකට ඉස්සෙල්ලා සිදුවුනු පාර්ලිමේන්තු ජනාධිපති තෝරා ගැනිමේ ක්‍රියාවලිය නෛතිකව ඉතා නිවැරදියි. හැබැයි මේකට සුජාතභාවයක් සමාජය ඉදිරියේ ලැබුනේ නැත්නම් මේ ප්‍රශ්නය නැවත වතාවක් බරපතල තැනකට යන්න පුලුවන්. මම මේක කියන්නේ දේශපාලඥයෙක් විදිහට විතරක් නොවේ මේ රටේ මේ විෂය සම්බන්ධ යම් දැනුමක් තියන කෙනෙක් විදිහට.
ඒ වගේම ඉතිහාසයේ මේක අත්විදපු අය හැටියට අපේ සමාජයේ දියවන්නාවේ ඇතුලේ නැතිනම්, අපේ පරලිමේන්තුව ඇතුලේ අපි නෛතික කියලා කරන සමහර නෛතික ක්‍රියාමාර්ග සමාජය ඇතුලේ සුජාත භාවය දක්වා වර්ධනය කරන්න බැරි වුණොත් පාර්ලිමේන්තුවත් සමාජයත් අතර ඇති කරන විරසකය විශාල ව්‍යවසනයක් බවට පත් කරන්න පුලුවන්.
එහෙම වෙලාත් තියෙනවා. ඒ නිසා මෙන්න මේක සම්බන්ධව බරපතල සාකච්චාවක් ආණ්ඩුව පාර්ලිමේන්තුව සමාජය දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙන්න ඕන.
ඒ නිසා මේ වෙලාවේ පක්ෂ නායකත්වය විවිධ පක්ෂවල කුමන ආකාරයෙන් තමන්ගේ මන්ත්‍රිධුර තමන්ගේ ඇමතිධුර තම පක්ෂයේ ව්‍යාප්තිය පක්ෂයට ඊලග මන්ත්‍රිවරුන් කිපදෙනෙක් වැඩියෙන් දිනාගැනිම වගේ දේවල් ගැන හිතන්න පුලුවන්. හැබැයි අපට නොපනෙන තැනකින් මතුවන මෙන්න මේ බරපතල දේශපාන අර්බුදය සමාජය ඇතුලේ අපි තේරුම් ගත යුතුව තිබෙනවා.
මට අද මේ පුවත් පත් සාකච්ජාවේ මතු කරන්න ඕන කාරණය මේකයි. නෛතිකව නිවැරදි වෙච්ච නමුත් සුජාතභාවයක් නොමැති තිරණ සමාජය තුල විශාල ව්‍යසනයක් සමාජයට කැදවන්න පුලුවන්, ඒ නිසා legaly correct නැතිනම් නෛතිකව නිවැරදි වශයෙන් අපි හිතන නමුත් legitimacy නැත්නම් සුජාතභාවයක් නැති තිරණ ඇතුලේ දේශපාලනය කිරිම අතිශය භයානක ක්‍රියාවක් කියන එක ප්‍රකාශ කරන්න ඕන. අන්න ඒ නිසා මෙන්න මේ කාරණය සමාජය ඇතුලේ පුළුල් සාකච්ජාවකට යා යුතුව තිබෙනවා.
ඒ සාකච්ජාව ධනාත්මකව නිමකලොත් මේ හදන බෝහෝ ආණ්ඩු ඉදිරියට යයි. ඒ සකච්ජාව හරියට නිමා කරන්න බැරි වුනොත් අපේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයට එලයෙන් මෙවා ගමන් කලෝත් එක බරපතල ප්‍රශ්නයක්.
එක එහෙම වෙලා තියෙනවා ඒ නිසා අපි රටේ පිලිගත්ත වැදගත් මහජන නියෝජිතයෝ විදිහට අනාගතයේ නිර්මාණය වෙන්න පුලුවන් අභියෝගාත්මක තත්වයන් ගැන පෙර දැක්මකින් අපි හිතන්න ඕන.
දේශපාලඥයෝ කියන්නේ ගිජුලිහිනියෝ විය යුතු නැහැ වැහිලිහිනියෝ විය යුතුයි. ගිජුලිහිනියෝ කියන්නේ මසට ලෝල් බැදලා මස් අරගෙන යන අය වැහිලිහිනියෝ කියන්නේ ඉස්සරහට එන වැස්ස ගැන වහින්න ඉස්සර ඇවිත් කියන. අය ඒ නිසා දේශපාලඥයෝ ගිජුලිහිනියන්ගෙන් ඉවත් වෙලා වැහිලිහිනියන් වගේ අනාගතය ගැන දකින්න ඕන කාලයකට අපි ඇවිල්ල ඉන්නෙ . ''
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,