ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු දැනට අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කරන තුරු සහ

දැනට පනවා ඇති හදිසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු ජනාධිපතිවරයා සමග කිසිදු සාකච්ඡාවකට සම්බන්ධ නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි.

'නිව්ස්ෆස්ට්' කළ විමසීමකදී එම පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවසුවේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.

එය ඉදිරියේදී ලිඛිතව ඉදිරිපත් කෙරෙනු ඇත.

ලබන 10 වැනිදා පස්වරුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයට ආරාධනා කර තිබේ.

 

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සඳහන් කළේ, ගෝල්ෆෙස් අරගලය තවදුරටත් පැවතිය යුතු බව අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටියදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව එය මර්දනය කිරීම, කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකි බවය.

 

මේ අතර ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ජා සඳහා සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා ඉදිරි සතියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් සමග සාකච්ජා කිරීමට නියමිතව ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම පිළිබදව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ස්වාධින පක්ෂ 11 කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය සහ  43 වන සේනාංකය යන පාර්ශව සමග පසුගිය සතියේ සාකච්ජාවල නිරත විය.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා, මේ වනවිට සාකච්ඡා කළ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහසඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43 වන සේනාංකය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කළ බවය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්