ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත් හිටුවා ඇතැයි වාර්තා වෙයි.



ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ලබා දී තිබූ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 51 ක මුදල මෙසේ චීනයේ එක්සිම් බැංකුව අත්හිටුවා ඇත.


රැකියා 2000ක් පමණ අහිමි වීමේ අවදානමක් !


ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා 2000ක් පමණ අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි පැවැසෙයි.

එසේම කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක් ආවරණය වන පරිදි ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයින් 500 දෙනකු පමණ දැනටමත් පිටත් වීමට පටන් ගෙන ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත පෙන්වා දුන්නේය.

ණය පහසුකම අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාදයකට ලක් වන බවත් ඒ හේතුවෙන් ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුට දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳුනු පසු අත්හිටුවූ ණය පහසුකම නැවත ලබා ගැනීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන බව ආරංචි මාර්ග පැවසුවේය.


(lankadeepa.lk)


මුලාශ්‍ර පුවත :


China’s Exim Bank suspends loan; Central Expressway hits road block


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්