ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ නීතිමය කටයුත්තක් බවත් තමා ඒ ගැන ජෝසෆ් ස්ටාලින් සමග කතා කළ බවත්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
නීතිය කැඩූ අය සහ අනිත් අය තෝරා බේරා ගැනීමේ දී ප්‍රශ්නයක් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
"සිස්ටම් චේන්ජ්" ගැන කතා කරන අරගලකරුවන් අගය කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අරගලය නිසා හොඳ දේ මෙන්ම නරක දේත් සිදු වු බව සඳහන් කළ ජනාධිපතිවරයා හොඳ විතරක් තියාගෙන නරක පැත්තකට දාමු යැයිද නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩු පාඩු වුණා නම් සාකච්ඡා කර ඒවා විසඳා ගනිමු යැයිද කීය.
ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මේ බව කීය.
කෙසේවුවද ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අධිකරණයට කිසියම් බලපෑමක් කර ඇති බවයි.